මංගල ගම්පෙරළියට ත්‍රිවිධ හමුදාව කැදවයි




මෙරට මීලග පිම්ම වන සංවර්ධන ඉලක්කය සම්පුර්ණ කිරීමට ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ගමේ සීග්‍ර සංවර්ධනයක් උදෙසා අරඹ වීමට නියමිත ගම්පෙරලිය වැඩසටහන හරහා ත්‍රිවිධ හමුදාව හා අත්වැල් බැදගනිමින් අදාල වැඩසටහන ආරම්බ වනු ඇත. එම වැඩසටහනේ පළමු අදියර මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඇරබීමට නියමිත බවද වාර්ථා වෙයි.


ඒ අනුව ත්‍රිවිධ හමුදාව සංවර්ධන යුද්ධයට අවතීර්ණ වනු ඇතැයි ද අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි. යුද්ධය අවසන් කිරීමට මෙන්ම රටේ සියලුම ආපදා අවස්ථාවන් වලදීම රජයේ නියෝග මත ත්‍රිවිධ හමුදාවේ සුවිශේෂී කැපවීම මනාව ඔප්පු කොට පෙන්වා ඇති බැවින් සංවර්ධන ඉලක්ක වෙත යාමට ත්‍රිවිධ හමුදාවද පෙරමුණට කැදවීම ඉතා වැදගත් ක්‍රියාවක් බවද සමාජ බුද්ධිමත් කුලකයද පෙන්වා දෙයි.



Share on Google Plus