චීනය, ඉන්දියාව සමග වෙළද ගිවිසුමකට සුදානම් - මංගල




සිංගප්පුරුව සමග ඇතිකර ගත් වෙළද සම්මුතියට පසුව චීනය හා ඉන්දියාව සමග වෙළද සම්මුතියකට සුදානම් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. ආයෝජන හා ව්‍යාපාර සමුළුව ශ්‍රීලංකා 2018 හා ඊයේ(19) එක්වෙමින් අදහස් පල කල හෙතෙම විදේශ විනිමය සම්බන්දව සරල ක්‍රමවේදයකට අනුගතවීම නිසා එම අංශයෙන් ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකි වූ බව පැවසිය. අපනයනය කරනා භාණ්ඩ ආනනයනය නොකිරීම වැනි මුලික ප්‍රතිපත්ති හතක් යටතේ 2017 අයවැයටද අදාලව මෙම ක්‍රියාවලිය සිදුව තිබේ.


මේ අවුරුද්දේ අප්‍රේල් වෙනකොට උද්දමනය 1.6 දක්වා පහල අගයකට ගේන්න අපට පුළුවන් වුනා. ඒ වගේම ඇ ඩොලර් බිලියන 9.5ක් වැනි මෙරට වාර්තාගත විදේශ සංචිත ප්‍රමාණයක් අපි එකතු කරන් ඉන්නව ආදී ලෙසට අදහස් පල විය.

Share on Google Plus