මාතර චිකාගෝවක් කල පාතාල ප්‍රහාරය(Video)




මාතර ස්වර්ණභාරණ වෙළෙඳසලක් කොල්ලකෑමට පැමිණි පාතාල සාමාජිකයන් පිරිසක් හා පොලිසිය අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිල්ලදරියෙක් ඊයේ(22) ජිවිතක්ෂයට පත් විය. 

 මියගිය සුරංග ප්‍රදීප් වීරසිංහ  මහතා

සුරංග ප්‍රදීප් වීරසිංහ නමැති 33 හැවරදී මාතර පොලිස්සියට අනුයුක්තව සේවය කල පොලිස් විශේෂ කාර්ය බලකා නිලදාරී මහතා මෙලෙස ජිවිතක්ෂයට පත් විය. එමෙන්ම තවත් පොලිස් නිලදාරීන් දෙදෙනෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා මාතර මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

කොල්ල කල්ලිය පුද්ගලයින් අට දෙනකුගෙන් පමණ සමන්විත ඔවුන් පැන යද්දී පොලීසිය ලුහු බැද ඇති අතර මාතර දුම්රියපොල පාර, ගාලු පාර ඇතුළු මාර්ග හතරක දී ඔවුන් පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල  කර ඇත.  ඔවුන් සියළු දෙනා සතුව ගිනි අවි තිබු බවද  පොලීසිය සඳහන් කරයි.

ප්‍රධාන සැකකරු  චාමර ඉන්ද්‍රජිත් නමැති වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව මුලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර අදාල පුද්ගලයා ඊයේ සවස මාතර හුණුකොටුව ප්‍රදේශයේදී අල්ලා ගන්නා ලදී. එමෙන්ම කොල්ලකරුවන් පැමිණි යතුරුපැදි දෙකක් හා ගිනි අවියක්ද මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල වීඩියෝව







Share on Google Plus