සිළුමිණ කතෘතුමාට ඉක්මනින් සුවය ලැබීමට පතමු




සිළුමින පුවත්පතේ සහ රැස පුවත් පතේ කර්තෘ ධූර දරණ චාමර ලක්ෂාන් මහතා හදිසි අනතුරකට ලක්ව තිබේ.

පසුගිය පොසොන් පෝ දා ලේක්හවුස් ආයතනය විසින් මෙහෙයවන මිහින්තලය ආලෝක පූජාව සඳහා සහභාගී වීමට සිය පවුල සමගම ගොස් සිටිය දී චාමර ලක්ෂාන් මහතා හදිසි හෘදයාබාධයකට ලක්ව තිබේ. අවාසනාවකට ඔහුට හෘදයාබාධය වැළඳී ඇත්තේ පිහිනුම් තටාකය දී ය. ඔහුට හෘදයාබාධයක් වැළඳී ඇති බව අනෙක් අය දැනගෙන ඇත්තේ ද මඳක් පමා වීය.

කෙසේ වෙතත් මේ වන විට ගුවන් මගින් කොළඹ ගෙනැවිත් ඇති චාමර ලක්ෂාන් මහතා කොළඹ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ තත්ත්වය එතරම් හොඳ නැත.

මාර්ටින් වික්‍රමසිංහ වැනි පතාකයන් කර්තෘ ධූරය දැරූ සිළුමින පුවත් පතේ කර්තෘ ධූරයට පත් වූ ලාබාලතම කතුවරයා චාමරය. මිට අමතරව ඉතාමත් කෙටි කාලයකින් 'රැස' වැනි දිනපතා පුවත්පතක් අපක්ෂපාති මොඩලයක සිට පාඨක ප්‍රජාව වෙත. විශාල ආකර්ශනයක් ගෙන්වා ගැනීමට 
හෙතෙම සමත් විය.චාමර ඔබට ඉක්මන් සුවයක් ලැබී නැවතත් ඉක්මනින් මාධ්‍ය ලෝකයේ කරනම් ගැසීමට පැමිණෙන්නට අප ප්‍රර්ථනා කරමු. .


Share on Google Plus