නව ග්‍රාම නිලධාරින් 1650 අද පත්වීම් ප්‍රමාද කථා මුසවක්ලු





නව ග්‍රාම නිලධාරින් 1650 ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 01 වන සිකුරාදා ‍පෙ.ව. 11.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.



ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා 2016 සැප්තැම්බර් මස 09 වැනි දින තරඟ විභාගයක් පැවැත්වුණු අතර එහි දී සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් සම්පූර්ණකර 3568 දෙනකුගේ ප්‍රතිඵල 2017 ජූලි මස 26 වැනි දින නිකුත් කරන ලදී. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක දී අදාල පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්විණි. එම සම්මුඛ පරීක්ෂණ 2017 ඔක්තෝබර් මස 23 වැනි දින සිට නොවැම්බර් 21 වැනි දින දක්වා පැවැති අතර ඒවායේ ලකුණු නැවත 2018 පෙබරවාරි මස 16 වැනි දින විභාග දෙපාර්තමේන්තුවට යොමු කරන ලදී.




ග්‍රාම නිලධාරී තනතුරට අයදුම් කරන ලද වැඩි පිරිසක් කාන්තාවන් බැවින් පත්කිරීමේ දී කාන්තා හා පිරිමි දෙපාර්ශවය සියයට 50ට 50 වශයෙන් බඳවාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටිය ද අමාත්‍ය මණ්ඩලය එය ප්‍රතික්ෂේප කළ බැවින් ස්ත්‍රී පුරුෂ බේදයක් නොමැතිව සුදුසුකම් සම්පූර්ණ කිරීම අනුව බඳවා ගැනීමට තීරණය කර ඇත. කාන්තාවන් වැඩිපුර බඳවාගැනීමට සිදුවීමෙන් බඳවාගැනීම් ප්‍රමාද වන්නේ යැයි අතැමුන් ප්‍රචාරය කිරීම අසත්‍ය කරුණකි. 




Share on Google Plus