බැදුම්කර මුදල් ගත් මන්ත්‍රීවරුන් 118 ගැන ජනාධිපති ලේකම් පහදයි (video)





බැඳුම්කර සිදුවීමේදී මුදල් ලබාගත් පුද්ගලයින් 118 කගේ නම් ඇතුළත් ලේඛනයක් පිළිබඳ තමා දැනුවත් නොමැති බවත් බැඳුම්කර කොමිසමේ විමර්ශණයට අදාළ වාර්තාව තුළ නම් ලයිස්තු ගණනාවක් තිබෙන බව ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත. එම ලැයිස්තු කිසිවක් තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් දේශපාලඥයින්ට, සමාගම්වලට හෝ පුද්ගලයින්ට දුන් මුදල් සම්බන්ධයෙන් ලයිස්තුවක් නොමැති බව ජනාධිපති ලේකම්වරයා පවසයි.



ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනය

කෙසේ නමුත් කොමිසම් සභා ලේඛන සඳහා භාරකාර සම්බන්ධතාවක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දරණ අතර එම ලේඛන පරිශිලනය සඳහා ජනාධිපති ලේකම්ගේ ලිඛිත අවසරය අවශ්‍ය වන බව නදීරා රූපසිංහ මහත්මිය සඳහන් කළේය.


එමෙන්ම තොරතුරු දැනගැනිමේ පනත යටතේ ද අදාළ ලේඛන ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මහජන පරිශිලනය සඳහා සෘජුව ලබාගත නොහැකි බව සඳහන්ය.

අදාළ ලේඛන සම්බන්ධයෙන් භාරකාර සම්බන්ධතාවක් පැවැතිම හේතුවෙන් සහ තෙවන පාර්ශවයක් විසින් රහසිගතව සපයා ඇති ලේඛන වන බැවින් ඒවායේ රහස්‍ය භාවය සුරැකීමට දෙපාර්තමේන්තුව බැදී සිටින බව ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය වැඩිදුරටත් මෙම නිවේදනය මඟින් සදහන් කර තිබේ
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසන සම්පුර්ණ විස්තරය පහත වීඩියෝවෙන් දැක්වෙයි 


Powered by Blogger.