ඇලෝසියස්, නාමල් අතර දුරකථන සංවාද 800ක්




අර්ජුන් ඇලෝසියස් මහතා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ පිරිසට පවා මුදල් දී ඇති බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පමණක් ඇලෝසියස් දුරකථන ඇමතුම් 800කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙන ඇති බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි.
ඔහු මේ බව පැවසූවේ පසුගිය 30 වනදා පස්වරුවේ කොළඹ පැවති “හවුල් පාලනයේ Eඵ්F ධවල පත්‍රිකාව” සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමිනි.
හම්බන්තොට වරාය ගැන මහා හයියෙන් කතා කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බව කියන මන්ත්‍රීවරු 118 ගැන කතා නොකිරීමෙන් ඇලෝසියස් ඒකාබද්ධයට සලකා ඇති අන්දම වටහා ගත හැකිබව සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
Powered by Blogger.