ගෝඨා මෛත්‍රී නියමයෙන් දයාන් ජයතිලකට රුසියානු තානාපතිධුරය




රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිශය හිතවතා වන ආචාර්ය දයාන් ජයතිලකගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
විදෙස් කටයුතු අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයා වෙත හිමි ව්‍යවස්ථාපිත බලතල අනුව මෙසේ ආචාර්ය දයාන් ජයතිලකගේ නම යෝජනා කර ඒ බව අග්‍රාමාත්‍යවරයා වෙතද දැනුම්දී ඇති අතර අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයෙන් ඊට විරෝධය දැක්වීමක් සිදුව නොමැත.
කෙසේ වුවත් මේ වන විට ආචාර්ය දයාන් ජයතිලක ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්  ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතියක් වන එළිය සංවිධානයේ  ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරමින් සිටින අතර සම්මුති ආණ්ඩු විරෝධී මත හදන්නෙකු ලෙසද ක්‍රියාකාරී වැඩ කොටසක් සිදුකරමින් සිටියි.
රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ එම ධුරයෙන් ඉවත්වීමෙන් පසුව එය පුරප්පාඩුව ඇති අතර ඒ අනුව ඉදිරියේදී දයාන් ජයතිලක එම ධූරය ලබා ළඟදීම රුසියාව බලා පිටත්ව යනු ඇති බවද විදෙස් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

Share on Google Plus