මදූෂ්ගේ ප්‍රධාන ගෝලයා අැතුළු 03කගෙන් තවදුරටත් ප්‍රශ්ණ කෙරේ

පාතාල කල්ලි නායක මාකදුරේ මදූෂ්ගේ ප්‍රධාන ගෝලයා අැතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරමින් පවතින බව සංවිධානාත්මක අපරාධ නිවාරණ එ්කකය පවසයි.
එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ, මදූෂ්ගේ හෙරොයින් ජාවාරම සහ මූල්‍ය කටයුතු භාරව කටයුතු කල අකිල නිරෝෂන් පල්ලියගුරු, දෙවුන්දර චමිල්ගේ බිරිද වන ඉෂංකා සාවිත්‍රි සහ තවත් ජාවාරමට සම්බන්ධ අයෙකු වන මනෝජ් කාවින්ද, මොටර් රථයකින් ගමන්කරමින් සිටියදී, කොළඹ පිහිටි විමලධර්ම සහෝදරයෝ ගොඩනැගිල්ල අසල දී අත්අඩංගුවට ගත් බවයි.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුට ගෙන තිබුණි.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ, එහි සිටි දෙවුන්දර චමිල්ගේ බිරිදගේ ගමන් මල්ලේ තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 590ක් පෙලිස් භාරයට ගෙන අැත.
පසුව සැකකරුවන්ගෙන් ලද  තොරතුරුවලට අනුව මදූෂ්ගේ හෙරොයින් ජාවාරම සහ මූල්‍ය කටයුතු භාරව කටයුතු කල අකිල නිරෝෂන් පල්ලියගුරුගේ ගල්කිස්සේ පිහිටි තාවකාලික නිවසේ තිබී හොරොයින් ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 700ක ප්‍රමාණයක් පොලිස්භාරයට ගත් බව ද සදහන්.
අනතුරුව සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා සංවිධානාත්මක අපරාධ නිවාරණ එ්කකයට භාර දී අැත.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාශයේ අණදෙන නිළධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගේ උපදෙස් පරිදි, බුද්ධි අධ්‍යක්ෂ එම්,පී,ජී,එස් රත්තේපිටියගේ අධීක්ෂණය යටතේ, ස්ථානාධිපති ප්‍ර.පො.ප ඊ.එස් ධර්මප්‍රිය, උ.පො.ප එ්.න්.ටී කුමාර, උ.පො.ප ඩී.එම්.එන්.එල් දිසානායක, පො.සැ ගාමිණී, පො.කො මහේෂ්, පො.කො ධර්මතිලක, පො.කො මධුසංඛ, කාන්තා පොලිස් කොස්තාපල් නදීකා සහ පො.කො.රි සුරංග  අදාළ වැටලීම සදහා සහභාගිව අැත.
Powered by Blogger.