පෙරියමුත්තු ආරැ කලපුවේ අක්කර 06ක් අල්ලගෙන ගොඩ කරලා

අම්පාර දිස්ත්‍රික්කයේ ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති පෙරියමුත්තු ආරැ කලපුවේ අක්කර හයක පමණ භුමියක් නීති විරෝධි ලෙස අල්ලා ගෙන  පස් පුරවා ගොඩකරන බව ආලයඩිවෙම්බු  ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.පෙරිම්බරාජා පැවසීය.
අක්කරපත්තුව පොතුවිල් මාර්ගය අසල මෙම කලපුව පිහිටා ඇති අතර ලංකාවේ දෙවෙනි විශාලතම කලපුව මෙය බව ද සභාපතිවරයා පවසයි.
මෙම කලපුවේ වට ප්‍රමාණය කිලෝමිටර් 33ක්  පැවැති අතර දැනට මෙම කලපුවේ වට ප්‍රමාණය කිලෙමිටර් 21 දක්වා අඩුවි ඇති බව ද සභාපතිවරයා පැවසිය.
සමහර පුද්ගලයින් මෙම ඉඩම් වලට නිතිවිරෝධිව බලපත්‍ර හදාගෙන ඇති අතර මේ නිසා කලපුව ගොඩවිමේ අවධානමක් පවතින අතර කලපුව අඩුවිම නිසා ධිවර කර්මාන්තයේ යෙදෙන අයට ජීවත් විමේ අපහසුතාවයට පත්වෙන බවද කීය.
මෙයට අමතරව වැසි දිනවලට අවට ගම්මාන වල නිවාස ජලයෙන් යටවෙන නිසා ප්‍රදේශයේ ජනතාව මහත් අපහසුතාවයට පත්වන බවද සඳහන් කළේය.
මේ පිලිබදව ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දි ඇතත් ඔහු මේ පිලිබදව නිසි පියවර නොගැනීම නිසා මෙම ඉඩම් අයිතිකරැවන් යැයි කියන පිරිස් නීති විරෝධි අයුරින් දිවා කාලයේ ද කලපුව ගොඩකරමින් සිටියි.
Powered by Blogger.