රේගුව වැනසූ ඇයට විදුලියත් ගිලගන්නට යහපාලනයෙන් අවස්ථාවක්


රජයට හිමිවිය යුතු අපනයන ආදායමක් වංචනික ලෙස නොලැබීයාමට සැලස්සවූ  හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන සුදර්මා කරුණාරත්න බලශක්ති අමාත්‍යාංශයේ ස්ථීර ලේකමි තනතුර සඳහා පත්කර ඇත්තේ කුමන යහපාලන මුලධර්මයකට අනුව දැයි ශ්‍රී ලංකා  රේගු ආරංචිමාර්ග ප්‍රශ්න කර සිටියි.
newstube.lk  වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් එහි සේවක කණ්ඩායමක් සඳහන් කර සිටියේ  යුධ සමයේ යුද්ධයේදී භාවිතා කරන ලද උණ්ඩ කොපු (පිත්තල) සියල්ල නැවි 03 කින් හොර රහසේ චීනයට අපනයනය කර මුදල් ලබාගැනීමට සමිපූර්ණයෙන් අනුමැතිය සහ බලය ලබාදුන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස සිටි සුධර්මා කරුණාරත්න බවත්  මෙම ප‍්‍රමාණය සහ වංචාව සිදු කරන දිනයේදී අපනයන රේගු අධ්‍යක්ෂක ලෙස රාජකාරී කටයුතු වල යෙදී සිටියේ රවි කුමාර් ඊට සාක්ෂි දරන බවද ඔවුන් පවසයි. 
එසේම  එදින සිදුවූ වංචාව අද වන විටත් යටපත් වී ඇති සැගවුනු වංචාවක් බවට පත්ව ඇති බව සඳහන් කරන එම සේවක කණ්ඩායම මෙම දුෂිත ක්‍රියාව සම්බන්ධව  වංචා හා දුෂණ විමර්ශන කමිටුව වෙත දැනුමි දුන් නමුත් අද වන තෙක් මෙි සමිබන්ධව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද සඳහන් කර සිටියි.
එම මූල්‍ය වංචාව සිදුකර රටට හිමි විය යුතු විශාල අපනයන ආදායමක් රටට අහිමි කල මෙම තැනැත්තියට එයින් පසු ලැබුනේ අමාත්‍යාංශ ලේකමිධුරයක් බවත්  මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී මෙවැනි නිලධාරීන්ට උසස්වීමි ලබාදීම සාමාන්‍ය දෙයක් වුවත්  යහපාලන රජය යටතේද මෙම සුදර්මා කරුණාරත්නට බලශක්ති අමාත්‍යාංශයේ ස්ථීර ලේකමි තනතුරක් හිමිවීම අතිශය කණගාටුදායක තත්ත්වයක් බවද ඔවුන් අවධාරණය කරයි.
එම පිරිස වැඩිදුරටත් සඳහන් කර සිටියේ සුදර්මා කරුණාරත්න දැනට වයස අවුරුදු 60 සමිපූර්ණ කර විශ‍්‍රාම ගිය ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරිනියක බවත් දැඩි රාජපක්ෂ වාදියකුවූ  ඇයගේ  ස්වාමී පුරුෂයා වූ  ජයවර්ධනපුර සරසවියේ උප කුලපති ලෙස කටයුතු කල  ආචාර්ය කරුණාරත්න 2010 සහ 2015 මැතිවරණ කටයුතු වලදී විශ්ව විද්‍යාල සියල්ලම සමිබන්ධීකරණය වන පරිදි ආචාර්ය මණ්ඩලයත් ශීෂ්‍ය ශිෂ්‍යාවන්ද ඡන්ද කටයුතු සඳහා යොදවා ගත් අතර එම මැතිවරණ දේකේදීම ඔහු විසින් මහිින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් අතිවිශාල කාර්යභාරයක් ඉටුකල අයෙකු වන බවය. 
2009 සහ 2010 කාලයේදි සුදර්මා කරුණාරත්න ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමෙින්තුවෙි අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඉතාමත් ටික කාලයකට පත්කරන ලද්දේද රටට හිමි විය යුතු අතිවිශාල අපනයන ආදායමක් මහින්ද රාජපක්ෂ පවුලට ලබා ගැනීම සඳහා බවත්  මෙි දුෂිත නිලධාරිනිය ගැන විනය පරීක්ෂණයක් සිදුකර ඇයට නිසි දඩුවමි ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා  අල්ලස් හෝ  දුෂණ විමර්ශන කොමිෂන් සභාව, අධ්‍යක්ෂ - වංචා විමර්ශය අංශය, අධ්‍යක්ෂ - අපරාධ පරීක්ෂණ දොපාර්තමෙින්තුව  සහ ජනාධිපති විශේෂ විමර්ශණ ඒකකය දැනුවත් කිරීමට තමන් කටයුතු කළ බවද ඔවුන් සඳහන් කර සිටියි.
(නිව්ස් ටියුබ්)
Share on Google Plus