මංගල සමරවීර එජාප මුල් පුටුවකට පත් කරයි




අමාත්‍ය මංගල සමරවීර වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස පත්කර තිබේ. අද(05) උදැසන අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අදාල පත්වීම් ලිපිය මංගල සමරවීර අමාත්‍යවරයා වෙත ලබා දී තිබේ. වත්මන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වන හෙතෙම එජාප මාතර දිස්‌ත්‍රික් නායක ලෙසද කලයුතු කරයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභියකුද වන මංගල 2008 වසරේ දී ''ශ්‍රීලනිප ම'' පාර්ශවය පිහිටවමින් එවකට පැවති රාජපක්ෂ රජයට එරහිව එජාපය හා විපක්ෂයට එක් වන අතර 2015 ජනපතිවරණ ජයග්‍රහණ මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණාත්මකම කාර්යභාරයක් ඉටු කරනා ලදී. දේශපාලන පිටිය තුල නව අදහස් ඇති නුතන සිතන්නනෙකු බවට එදා මෙදා තුර ඔප්පු කර ඇති අමාත්‍ය මංගල මාධ්‍ය නිදහස වෙනුවෙන්ද නිතර හඩ නගනා චරිතයකි.

සිය නිල ෆේස්බුක් ගිණුම හරහා අදාල පත්වීම සම්බන්දව තොරතුරු වාර්ථා කර ඇති හේ වසර 30කට පෙර ශ්‍රීලනිප මාතර දිස්‌ත්‍රික් සංවිධායක ධුරය ලැබූ මොහොතේ මෙරට පැරණිතම පක්ෂය වන එජාපයේ මෙවන් තනතුරකට පත්වනු ඇතිබවට තමා සිහිනෙකුදු නොසිතු බවයි.






Share on Google Plus