TNL නාලිකාව සිල් තබයි (Video)




ටීඑන්එල් රූපවාහිනියේ විකාශනාගාරකට මුද්‍රා තබා ඇති බව එම ආයතනය සදහන් කරයි.
නාලිකාවේ නිල ෆේස් බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ මේ වන විට පොල්ගහවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සීල් තබා ඇති බවය.
මේ වන එහි උපකරණ ගෙන යාමට කටයුතු කරමින් සිටින බවද එහි සදහන්ය.
නිසි පරිදි ගෙවිම් සිදු කර තිබිදීද විකාශණ කටයුතු මෙසේ අත්හිටුවීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවද එහි දැක්වෙයි.
ජනාධිපතිවරයා විසින් මෑත කාලයේ සිදු කරන ලද දින 100 සම්බන්ද ප්‍රකාශය සහ ඔහු විසින් ජනාධිපතිවරයා වීමට පෙර 2014 කළ ප්‍රකාශයන් පරස්පර විරොධි සහ තම අත පිසදා ගැනීමට සිදු කරන ලද ප්‍රකාශයන්, නිවැරදිව ජනතාවට ඉදිරිපත් කරන ලද්දේ TNL නාලිකාව විසිනී.
වීඩියෝව පහතින් නරබන්න 



Share on Google Plus