මහින්ද රාජපක්ෂ දෙලොවක් අතර



ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපදේශකවරයෙකු ලෙස තමන් පත් කර ඇත්තේ තමන්ද නොදැනුවත්ව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
මේ කුමක් කරනේදැයි තමනට සිතා ගැනීමටද නොහැකි බව ඔහු කියා සිටියේ ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී උපදේශකයෙකු ලෙස පත් කර තිබීම ගැන කල විමසීමකට පිලිතුරු ලෙසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍සයට තමන් ආදරය කරන නමුත් එම පක්‍ෂය එජාපය සමග සිටිනා තාක්තමන් ඊට එක් නොවන බවද සදහන් කරන රාජපක්‍ෂ මහතා ශ‍්‍රීලනිපය එජාපය සමග හවුල් වූ නිසා ඊට විරුද්දව එලියට බැස්සේ යයිද කියයි.
පොහොට්ටුව ලකුණින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද වන විට මෙරට වැඩිම ජන බලයක් ඇති පක්‍ෂය බවත් එය එජාපයට එරෙහි ශක්තිමත්ම පක්‍ෂය බවත් සදහන් කරන ඒ මහතා එවන් තැනකට පොහොට්ටුව ඇවිත් තිබියදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් වීමේ උවමනාවක් නැති බවද අවධාරණය කරයි.
ඔ්න වෙලාවට ගන්නත් එපා වෙලාවට විසි කරන්නත් තමන් ඇතුළු පිරිස රම්පෙ කරපිංචා නොවන බව ශ‍්‍රීලනිපය සිහි තබා ගත යුතු බවත රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා දැඩිව කියා සිටියේය.
Share on Google Plus