සාමය පැතු ඇයව ගාසා තීරයේදී නිහඩ කරයි




ගාසා තීරයේ පලස්තීන විරෝධතාකරුවන් සහ ඊශ්‍රායල හමුදා අතරේ ගැටුම් එන්න එන්නම වැඩිවිය. එම ගැටුම් වලින් තුවාල ලැබූවන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට ස්වේච්ඡා හෙදියක වූ  රසාන් අල් නජාර්  එම ගැටුම් ඇති වූ ප්‍රදේශයට ගියාය. 
එම අවස්තාවේදී ඊශ්‍රායල හමුදා ස්නයිපර් සොල්දාදුවන්ගේ වෙඩ් ප්‍රහාරයකින් ඈ මියගිය අතර  21 හැවිරිදි වියේ පසු වූ සුරූපි රසාන්ගේ අවසන් කටයුතු පලස්තීනුවන් දහස් ගණනකගේ සෝ සුසුම් මැද සිදු කෙරුණි.
ඇයගේ මරණයත් සමඟ ගාසා තීරයේ පලස්තීනුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කුවේට් රාජ්‍ය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙනා යෝජනාව අමෙරිකාවේ විරෝධයට ලක් විය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීමට පියවර ගැනීමත් සමග ඇති වූ මෙම  ගැටුම්වලින් මේ වන විට පලස්තීනුවන් 123 දෙනකු මිය ගොස් තිබේ.
(her.lk)
Powered by Blogger.