මහින්ද රාජපක්ෂ මෙහෙම වෙමුද




පොහොට්ටු පක්ෂය නියෝජනය කරනා ප්‍රාදේශීය සභා පොඩ්ඩන් එක පිට එක විවිද වැරදි වෙනුවෙන් සිරගත වෙමින් යන පසුබිමක් තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යම් සිතීමේ කෝණයක් ලබා දියයුතු බව අපගේ අදහසයි.

තංගල්ල හිටපු නගරාධිපති සිර ගත වන්නේ විදේශිකයකු ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දුෂණය කිරීමේ වරදටය. ඉතා මෑත සිදුවීම වන ලිදුල ප්‍රාදේශීය සභාවේ සභාපති සේපාල යන පොහොට්ටු පොඩ්ඩා දරුවෙකු විකුණා දරුවාගේ මව දුෂණය කර ඇය ගණිකා වෘත්තීයේ බලහත්කාරයෙන් යෙදවීමට උත්සහා කර තිබේ. මේවා භයානක සිදුවීම් බවත් නිදහස් මානව සමාජයකට දරා ගත නොහැකි තරම් කෘරත්වයෙන් යුක්ත බවත් පිලි ගත යුතුමය


මහින්දගේ වගකීම 

කණ්ඩායමේ කෙනෙකු වරදක් කල විට නායකයා දෙසට ඇගිල්ල දිගුවීම වැලැක්විය නොහැක. නමුත් එම තර්කයෙන් මහන්ද රාජපක්ෂට සියලු වැරදි වල වගකීම පැටවිය හැකිද?


මහින්දගේ වැරදීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපට නොමිලේ ලබාදිය හැකි උපදේශය නම් වැරද්ද ඔබේ වන්නේ ඔබ නිදහසේ පියා වීම තුලින් බවය. මහින්ද රාජපක්ෂ යනු තම හිතවතුන්ට අනුගාමිකයන්ට පාක්ෂිකයන්ට නිතිය අමතක කරවනා නයකයත්වයකි. ඔවුන්ට අනුව සම්මත නිතිය ඔවුනට අදාල නැත. ඔහු යෝජනා කරන්නේ නිතිය කඩා පොඩි ජොලියක් ගැනීමටය. අපරාධකරුවන් බන්දනාගාර ගත් නොකොට මහමග හිසට වෙඩි තබා ඝාතනය කිරීම ඔවුන්ගේ ක්‍රමයයි. එය එම පාක්ෂිකයන්ද අනුමත කරයි..

මහින්ද යෝජනා කරනා, නිරිමාණය කරනා සමාජය බලවතුන්ට නීතියට ඉහලින් සිටිය හැකි සමාජ ක්‍රමයයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පියන් පොලිස් ස්ථානාධිපතිට වඩා අදාල පොලිසිය තුලදීම එදා බලවත්  වුයේ
එබැවිනි. මහින්ද යෝජනා කරනා අසීමිත නිදහස සහ ඔවුන්ගේ බලවතුගේ අසීමිත නිදහස් සමාජ හැසිරීම් නිසා එදා සිට ලිදුල සිදුවීම අද දක්වාම සමාජයට විශාල හානි ඇතිකරමින් පවතී.


මහින්ද රාජපක්ෂ ඔබත් හරි පාරට එන්න නීතියට යටින් සිට අපි සියලු දේ මෙහෙයවමු. දේශපාලනය නොව හැමට කලින් ජීවත්වීමට නිදහස් රටක් අවශ්‍ය නිසා පොහොට්ටුව මානුෂිය කිරීම ඔබේ වගකීම බවත් අප නැවත නැවතත් සිහිපත් කරමු
(DNA විශේෂ ලියුම්කරු)
Share on Google Plus