ආයෝජන දුතිකාවට සයිබර් ප්‍රහාරයක්




ආයෝජන දුතිකාව විදියට කා අතරත් ජනප්‍රිය වෙලා ඉන්න ගිහානි වීරසිංහට ඊයේ ලොකු අකරතැබ්බියක් වෙලා. ගිහානිගේ IMO අංකය ඉතාමත් සුක්ෂම අන්දමට හැක් කිරීමට කිසියම් කණ්ඩායමක් සමත්වෙලා තියනව. ඒවගේම මේ අපරාධකරුවන් අදාල imo ගිණුම භාවිතා කරමින් විවිධ පුද්ගලයින් සමගින් චැට් කිරීමද සිදු කරමින් පවතින බවත් මේ වෙනකොට අනාවරණය වෙලා තියනව.


විශේෂයෙන්ම සම්බන්දතා 1000කට වඩා පැවති බව කියනා අදාළ ගිණුම තුල මෙරට පාර්ලි‌‌මේන්තු ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, නළු නිලියන්, ප්‍රධාන පෙලේ ක්‍රීඩකයින් මෙන්ම විදෙස් අයෝජකයන් විශාල ප්‍රමාණයක් ද සිටිනා බවද වාර්ථා විය. මේ නිසාම මෙය බරපතල ගණයේ සිදිධියක් ලා සලකා රහස් පොලිසිය මගින්ද පරීක්ෂණයක් අරම්බ කර තිබෙනා බවටත් සදහන් විය.

එමෙන්ම අප හා කරුණු දැක්වූ ගිහානි පවසන අන්දමට තමන් ඉතාමත් කම්පනයට පත්ව සිටිනා බවත් මෙම වැරැද්ද ඉතා ඉක්මනින් නිවැරදි කර ගැනීමට අදාල අංශවල සහයෝගයද තමන්ට ලැබෙනු ඇති බවද හෙතෙම බලාපොරොත්තු වෙයි.


Powered by Blogger.