මහින්දට මල්මිටක් තබමින් එජාප මන්ත්‍රී බුකියේ සටහනක් තබයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මල් මිටක් යන ශීර්ෂය යටතේ එජාපය නියෝජනය කරනා මන්ත්‍රීවරයෙක් අද දින සිය පුද්ගලික ෆේස්බුක් ගිණුම තුල සටහනක් තබා තිබේ. බස්නාහිර පළාත් සභාව කොලබ දිස්ත්‍රික්කයෙන් නියෝජනය කරනා නිරෝෂන් පාදුක්ක මන්ත්‍රීවරයා මෙලෙස සටහන තබා තිබුණි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේදී සිදුව තිබෙනා අකරතැබ්බය සම්බන්දව මහින්ද රාජපක්ෂ ද ඈදා ගනිමින් හේ සටහන තබා තිබේ.

අදාල ෆේස්බුක් සටහන

හිටපු ජනපතිට මල් මිටක්.
පසුගිය මාසේ දිනක මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමා දානමය පිංකමකදී හමුවිය.එහිදී අප බොහෝ දේ කථාකල අතර අපි ක්‍රිකට් ගැනද ටිකක් වැඩියෙන් කථා කලෙමූ .
ඒතුමාගේ යුගයේ තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් සභාපති ධුරය නොලැබිනි.වරක් ඔහුගේ පවුලේ අයෙක් ඒ පිලිබදව ප්‍රශ්න කර ඇත්තේ ඇයි තිලංගට අසාධාරණයක් කරන්නේ යනුවෙනි.ජනපති වරයාගේ පිලිතුර වී ඇත්තේ මම තිලංගට අසාධාරණයක් නොකල බවත් ක්‍රිකට් ක්‍රීඩාවටත් ක්‍රීඩා ලෝලින්ටත් සාධාරණය කලබවත් යන්නයි.
රාජපක්ෂ මැතිතුමා හා මම දේශපාලන කදවුරු 2 ක් නියෝජනය කලද මතවාද මතබේද කොපමණ වුවද ක්‍රිකට් සංබන්දව ඒ ගත් තිරනය අතිශයින්ම අගය කරමි.
මේ පිලිබද නොදන්නා අයට දැනගැනීමටත් වත්මන් ජනපති හා ක්‍රීඩා ඇමති දෙපොලටත් දැනගැනීමටත් මෙසේ සටහන් කරමි.
නිරෝෂන් පාදුක්ක





Share on Google Plus