සීදූවේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් එක්ව කෝටිපති මිතුරා මරා දමයි





ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සීදූව ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් එක්ව ඔවුන්ගේ කෝටිපති මිතුරෙක් මරා දමා තිබෙන පුවතක් වාර්තා වෙනවා.
මිය ගිය පුද්ගලයා සීදුවේ මෙම සංගීත කණ්‌ඩායමේ නායකයා සහ එහි ප්‍රධාන ගායකයා ඇතුළු සාමාජිකයන්ගේ සුවිශේෂ මිතුරෙකි.
මොහු විශාල වටිනාකමක්‌ ඇති මෝටර් රථයක හිමිකරුවෙක්ද වේ. මෙම සංගීත කණ්‌ඩායමේ නායකයා සහ එහි ප්‍රධාන ගායකයා මුදල් සෙවීම සඳහා තම හිතවත් කෝටිපති ව්‍යාපාරිකයා මරා ඔහුගේ මෝටර් රථය පැහැරගෙන එය කොටස්‌ ලෙස ගලවා විකිණීමට සැලසුම්කර තිබේ.
මෙලෙසින් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් අතින් ඝාතනයට ලක්‌ව ඇත්තේ සීදුව කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මැණික්‌ සහ විසිතුරු මසුන් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව හුදකලාව ජීවිතය ගෙවූ බී. ඩී. ඩිලාන් නෙරන්ජිත් නමැති කෝටිපති ව්‍යාපාරිකයෙකි.
එම කෝටිපති ව්‍යාපාරිකයා මරා දමන අයුරු ඔවුන් විසින් පෙරහුරුවකද යෙදී ඇත.
ඒ අනුව එම කෝටිපති ව්‍යාපාරිකයා එම සංගීත කණ්‌ඩායමේ සංගීත කාමරය තුළට උපක්‍රමශීලීව ගෙන්වා බැට්‌ පිතිවලින් පහරදී ඇත. එහෙත් එම ව්‍යාපාරිකයා තවදුරටත් ජීවත්වන බව දැනී සංගීත කණ්‌ඩායම නියෝජනය කරන සැකකරුවන් සිව්දෙනා එම ව්‍යාපාරිකයාගේ ගෙල වයර්වලින් සිරකර මරා දමා ඇත.
පසුව ගෙලෙහි විශාල කළු ගල් බැඳ ඔහුගේ සිරුර දඬුගම් ඔයේ ගැඹුරු ප්‍රදේශයක ගිල්වා පලාගොස්‌ ඇත.
පසුගිය මැයි මස 23 දා කෝටිපතියා ඝාතනය කරමින් මෙලෙසින් ගිල්වා දමා තිබුණි.
කෙසේ වෙතත් සංගීත කණ්ඩායමේ නායකයා ඇතුලු සැකකරුවන් සියලූම දෙනා පොලීසිය විසින් මේවන විට අත්අඩංගුවට ගෙන තිබේ. බණ්ඩාරවත්ත පදිංචි උපේන්ද්‍ර, මාකවිට පදිංචි ටිරාන් ජයරත්න,කොටුගොඩ පදිංචි අල්ශාන් සිද්දියට සම්බන්ද  බව තහවුරු කරගෙන තිබේ. අදාල සංගීත කණ්ඩායම සිදුව මාෂා නම් වෙයි. ඔවුන්ගේ ෆේස්බුක් පිටුව මාෂා
අදාල සංගීත කණ්ඩායමේ සමුහ චාරුපයක් පහතින් පලවෙයි 


Powered by Blogger.