16යේ කණ්ඩායමේ අනාගතය විමල් විරවංශ සියතට ගනී



ආණ්ඩුව සතු 2/3 බලය අහෝසි කිරීමේ ප‍්‍රධානතම අවිය ශ‍්‍රීලනිප 16 කණ්ඩායම බවත් එම 16 දෙනා හරියට වැලදගත්තොත් ඉතිරි තවත් 5-6ක් ගලවා ගත හැකි වනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ශ‍්‍රීලනිප 16 කණ්ඩායමට ගහන්න ගහන්න සිදුවන්නේ ආණ්ඩුවට 2/3 අහිමි කිරීම සදහා උවමනා කරන මන්ත‍්‍රී ආසන ප‍්‍රමාණය අහිමි කර ගැනීම යයිද ඔහු පෙන්වා දෙයි.
එපමණක් නොව පාර්ලිමේන්තුව තුල බහුතරයද පෙන්වා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කර ජනාධිපතිවරණයක් කැදවා රටට මේ ඇතිව තිබෙන අස්ථාවරත්වය නැති කිරීමට කටයුතු කල යුතු යයිද ඒ මහතා පෙන්වා දෙයි.
රටට ඒ සුගතිය ඇති කර 16 කණ්ඩායම බුදු වුනත් තමනට ප‍්‍රශ්ණයක් නැති බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති ‘රටට හතුරු 20 එපා’ විරෝධතා සමුළු මාලාවේ ආරම්භක සමුළුව අමතමිනි.




Share on Google Plus