SLFP නව මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කර තිබේ.
ඒ පිළිබදව අදහස් දැක් වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ, තමාව මහ ලේකම් ධූරය සඳහා ඒකමතිකව පත් කෙරුණු බව ය.
අද උදෑසන පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ පිරිසක් ද සහභාගී වූහ.
මේ අතර පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් අනුව මෙතෙක් පැවති පක්ෂයේ නිලධාරී මණ්ඩලය ද විසුරුවා හැර ඇති බව ද සදහන්.
Powered by Blogger.