අගමැති දියණියක් මංගලගේ පෞද්ගලික ලේකම්ධුරයට




අමාත්‍ය මංගල සමරවීර සිය මාධ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික ලේකම් ලෙස අග්‍රාමාත්‍ය සොයුරු ශාන් වික්‍රමසිංහගේ දියණිය පත්කර ගැනීමට නියමිත බව වාර්තා වෙයි. පසුගියදා(08) පාර්ලිමේන්තුව අමතමින් TNL තහනම සම්බන්දව සාකච්චාව යන අවස්ථාවේදී හෙතෙම මෙම හෙළිදරව් කිරීම කරනා ලදී.


මංගල සමරවීර තැපැල් හා මාධ්‍ය අමාත්‍ය ධුරය දැරූ වකවානුවේ දී ඔහුගේ මාධ්‍ය උපදේශකවරිය ලෙස ඉෂිනි වික්‍රමසිංහ කටයුතු කළාය. ජුලි මස පළමුවනදා සිට අදාල පත් කිරීම සිදු කිරීමට නියමිතව ඇත. දැනට අමාත්‍යවරයාගේ මාධ්‍ය පෞද්ගලික ලේකම්ධුරය දරනා රුවන් ප්‍රදිනන්දිස්ට වෙනත් වගකීමක් පැවරීමට නියමිත බවද වාර්ථා වෙයි.


TNL තහනම ගැන

අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
 ''සියලුම මාධ්‍ය අපට විරුද්ධව කරුණු දක්වමින් වැඩි විකාශන කාලයක් විපක්ෂයට ලබා දී තිබෙනවා. දෙරණ, හිරු වැඩි කාලයක් විපක්ෂයට ලබාදෙනවා. නමුත් අපි හැම මාධ්‍යයක් සමඟ සමඟිව සහයෝගයෙන් කටයුතු කරනවා.
සිරස ආයතනය රජයට අගමැතිවරයාට පෞද්ගලිකව පහර දුන්නත් අපි ඔවුන්ට බාධා කර නැහැ. මටත් දැඩි ලෙස ප්‍රහාර එල්ල කළා. එහෙත් මම එජාප උප සභාපතිවරයා කියලා දැනගෙන කිලි මහරජා මහත්තයා මට මල් පොකුරක් එවලත් තිබුණා.
අපි මාධ්‍ය සමඟ කොතරම් සුහදව කටයුතු කරනවාද කියනවා නම් ජූලි 01 වැනිදා සිට ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය අපේ අමාත්‍යංශයේ ලේකම් තනතුරකට ගන්නවා.''

Powered by Blogger.