රංගේ අශෝක් අවතැන්වුවන් සොයා උදැසනම යයි(Video)




ඊයේ උදැසන කුරුණෑගලට බලපෑ තද සුළං තත්වයක් හේතුවෙන් නිවාස 50කට පමණ හානි සිදුව ඇතයි වාර්ථා වෙයි. විශේෂයෙන්ම දිවයින පුරාම කාලගුණයේ කැලබුනු ස්භාවයක් පෙන්නුම් කරනා අතර හෙට(11) දක්වාම අධික සුළං තත්වය පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අමාත්‍යවරුන් වන අශෝක් අබේසිංහ හා පාලිත රංගේ බණ්ඩාර සිදිධිය වූ දින උදෑසනම අදාල ප්‍රදේශය වෙත ගොස් අවශ්‍ය මුලික කටයුතු සම්බන්දිකරණය කල බවද කුරුණෑගලින් වාර්තා වෙයි. අශෝක් අබේසිංහ අමාත්‍යවරයා එජාපයේ කුරුණෑගල ආසන සංවිධායකවරයා ද වෙයි. කුරුණෑගල -කුඩාගල්ගමුව, වැවගෙදර, කලහොගෙදර, ප්‍රදේශයට බලපෑ මෙම අපදා තත්වයෙන් වූ සම්පුරණ හානිය කොතෙක්ද යන්න තවමත් නිශ්චිතව තහවුරු වී නොමැත. මේ විපතෙන් කුරුණෑගල හා මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අයත් නිවාස හා දේපල විනාශයට පත් විය 

ප්‍රවේශම්වන්න  තද සුළං තත්ත්වය අදත්

අද දිනයේදී සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානයන්ට මිලි මීටර් 50 ඉක්ම වූ තද වැසි ඇපෙක්ෂා කරන බවත් ඊයේ (09) පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

@කුරුණෑගල සුලිසුලගේ වීඩියෝව




Powered by Blogger.