ඇමති අශෝක් බැදුම්කර මුදල් ගත්තාද ? (Video)



පර්පචුවෙල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ගත්තාදැයි කෝප් කමිටු සාමාජික ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් ඊයේ(09) මාධ්‍ය විමසු පැනයකට පිළිතුරු දෙමින් තමන් මුදල් ලබා ගත් බව ඔප්පු වුවහොත් ඇමැතිකමින්, මන්ත්‍රීකමින් පමණක් නොව දේශපාලයෙනුත් සමුගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. විශේෂයෙන්ම මිට පෙරද කෝප් කමිටු සාමාජිකයන්ට ඇලෝෂියස් හා දුරකථන සම්බන්දතා පැවැත්වූ බවට චෝදනා එල්ල වූ මොහොතේද තමන් දෙසට ඇගිලි දිගු නොවූ බව සිහිපත් කල අමාත්‍යවරයා මුදල් වලට ආත්මය පාවා දිය නොහැක්කක් බව අවධාරණය කරනා ලදී.


වර්තමාන ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා වන අශෝක් එජාපයේ කුරුණෑගල ආසන සංවිදායකවරයා ද වෙයි 
අදාල වීඩියෝව පහතින් 




Share on Google Plus