පොහොට්ටුව දිනු කුරුණෑගල එජාපයෙන් බල පෙරලි ජයක්



පසුගිය 5වනදා කුරුණෑගල නගර සභාවට තීරණාත්මක දිනයක්ව පැවති බව වාර්තා වෙයි. පොදුජන පෙරමුණට(පොහොට්ටුව) බලය හිමි කුරුණෑගල නගරසභා සභාවේ එම පෙරමුණ ඉදිරිපත් කල යෝජනාවක් වැඩි ජන්දයෙන් පරාජයට පත්ව තිබේ.


ටෙන්ඩර ඇතුළු සභාවේ ගෙවීම්, පියවීම් සම්බන්දව ක්‍රියා කරන්නේ මුදල් කොමිටිය හරහා වුවත් ඊට පෙර මේවා මහා සභාව(සියලුම මන්ත්‍රීවරුන්) හරහා යාම සාමන්‍ය ක්‍රමය වුවත් පොහොට්ටුවේ නගරාධිපතිවරයා මේවා මහාසභාව මගහැර මුදල් කොමිටියට පමණක් යන පරිදි සංශෝදන පනතක් ගෙනවිත් තිබේ. අදාල යෝජනාවට පැවති ජන්දය 9 ; 11 ක් ලෙස යෝජනාවට විරෝදය පල කල එජාප මන්ත්‍රී කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.


මුදල් කොමිටියේ සංයුතිය

එජාපය                   01
ජවිපෙ                    01
නගරාධිපති             01
පොහොට්ටුව          03


කුරුණෑගල නගරාධිපතිවරයා ලෙස තුෂාර සංජිව විතාරණ කටයුතු කරනා අතර කුරුණෑගල එජාප ආසන සංවිධායක වන්නේ නි. අමාත්‍ය අශෝක් අබේසිංහයි. ඔහුගේ බිරිද විශාකා අබේසිංහ ද නාගරික මන්ත්‍රීවරියක් ලෙස නියෝජනය වෙයි. වෙඩිසිංහ මන්ත්‍රීවරයා විපක්ෂනායක ලෙස කටයුතු කරයි



Powered by Blogger.