දුප්පතුන්ට සහනදෙන්න එපා වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්




 නව දේශීය ආදායම් පනත මඟින් විශේෂඥ වෛද්‍යවරුන්  ආවරණය වන ආකාරයට පනවා ඇති සෘජු බද්ද ඉවත් කිරීමට රජය එකඟ නොමැති බැවින් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අද (13) තීරණය කරන බව  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සුනිල් විජේසිංහ පවසයි. මීට පෙරද  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අදාළ බදු පැනවීමට විරෝධය දක්වමින් සඳහන් කර සිටියේ දෙසතියක කාලයක් තමන් පෞද්ගලික චැනල් සේවාවලින් ඉවත්වීමට තීරණය කල බවයි . නමුත් මේ දක්වාම එවැන්නක් ක්‍රියාත්මක නොවිය


වෛදවරුන්ගෙන් අයකරනා බද්ද

 වෛද්‍යවරයකුගේ මුල් පත්වීමේ මාසික වැටුප සියළු දීමනා සහිතව රු. 164,876.00 ක් පමණ  වන බවත් ඒසදහා රු. 3,190 ක බදු මුදලක් අය කරනා බවත් විශේෂඥ වෛද්‍යවරයකුගේ මුල් පත්වීමේ වැටුප සියළු දීමනා සහිතව රු. 255,379.00 නිසා එයට රුපියල්  12860 ක බදු මුදලක් රජය විසින් නව බදු ප්‍රතිපත්තිය යටතේ සදහන් කර ඇත.


24% බදු කථාව මොකක්ද

වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය ක්ෂේත්‍රයේ (චැනලින්)  ව්‍යාපාර කරන්නේ නම් අධික ලාභ ලබන අනෙකුත් ව්‍යාපාරිකයන් මෙන්  24% ක උපරිමයකට යටත්ව බදු ගෙවිය යුතු වේවිශේෂඥ වෛද්‍යවරයෙක් පමණක් නොව සාමාන්‍ය වෛද්‍යවරයෙක් පවා පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන(PP) හරහා දිනකට රු 50000ක පමණ මුදලක් ඉපයීම සිදු කරයි. මසකට දින 25ක් පමණ පුද්ගලික වෛද්‍ය සේවයේ නියුතු වන වෛද්‍යවරයෙක් අවම වශයෙන් මසකට රු ලක්ෂ 12ක පමණ ඉහල තලයේ ආදායමක් ලබයි. විශේෂඥ වෛද්‍යවරයෙකු උපයන ආදායම සම්බන්දව ඒ අනුව අප කථා කල යුතු නැත. තවද මසක ආදායම රු කෝටිය පසු කරනා වෛද්‍යවරුන් පිරිසක්ද මෙරට සිටිනා බවද සිහිපත් කල යුතුය.

වෛද්‍යවරුන් ලබනා තවත් සුපිරි සැප

වෛද්‍යවරයෙකු සදහා වසර පහෙන් පහට අළුත් වාහන ගැනීමට රු ලක්ෂ 36 ක තීරුබදු සහන ලැබේ. වසර 30 ක සේවා කාලය තුළ ලක්ෂ 36 තීරුබදු සහන  6 ක් එනම් රු. ලක්ෂ 216ක වටිනාකමක් සෑම වෛද්‍යවරයෙකුම ලබයි.වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ විධායක තනතුරට පත්වුවහොත් විශ්‍රාමික තීරුබදු සහනය රු. මිලියන 90 ක් පමණ ලැබේ.

වෛද්‍යවරුන්ගේ මේ යෝජනාව කුමක්ද

රජය නව බදු සුත්‍රය හරහා වක්‍ර බදු අවම කර සෘජු බදු ප්‍රමාණය වැඩි කිරීමට සුදානම් බව ප්‍රකාශ කරයි. එම බදු ක්‍රමවේදයට විරෝදය පල කරනා වෛදවරුන් මේ යෝජනා කරන්නේ වක්‍ර බදු එනම් හාල්,පිටි,සිනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා අත්‍යවශ්‍ය සේවාවන් මත අය කරනා බදු ප්‍රමාණය වැඩි කරනා ලෙසයි. වක්‍ර බදු දුප්පත් පිඩිත අන්ත අසරණ මිනිසුන් තව තවත් පිඩනයට පත් කරයි.

වෛදවරුන්ගේ මේ ක්‍රියාකාරිත්වය කොතරම් සමාජ හිතකාමිද යන්න මහජනතාව තීරණය කල යුතුය. ඉතා දියුණු රට වල වෛද්‍යවරයෙකු 48% පමණ සෘජු බදු ප්‍රමාණයක් ගෙවයි. නමුත් මෙරට වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ 24% සිට 12% බදු ප්‍රතිශතය අඩු කර ඔවුන්ගේ ජිවිත පමණක් සුබිත කිරීමට ඉඩදෙන ලෙසය. මෙරට දැනට පවතින 80%පමණ වන වක්‍ර බදු ප්‍රතිශතය 20%ක් දක්වා පහත හෙලීමට කටයුතු කලයුතු බව වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර යෝජනා කරයි. වත්මන් සෘජු බදු සුත්‍රය සෑදෙන්නේද මේ අරමුණ උඩය. පොහොසතුන්ගෙන් මුදල් ගෙන දුප්පතුන් අතර බෙදාදුන් සුර සරදියෙල්ලා අතීතයේ සිටි මේ රටේ සරදියෙල් පන්නයේ වත්මන් බදු සුත්‍රයට යමෙකු විරුද්ධ වේ නම් මානව සමාජයේ මනුශියත්වයට විරුද්ධ වීමට තරම් එය සමපාත බවද සටහන් කල යුතුමය. අවසාන වශයෙන් අපට කීමට ඇත්තේ ;;දුප්පතුන්ට සහනදෙන්න එපා වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්;; ලෙසය
(විශේෂ වාර්ථාකරු) 



Share on Google Plus