ලෝක මට්ටමේ අවදානයක් නිසා අලි මාරුව නවති





සිංහරාජ රක්ෂිතයේ සිටින අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙසත් යම් ලෙසකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් විසින් සිදු කරන ලද පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර ඇති බව වාර්තා වෙයි.

 එමෙන්ම කොලබ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කල  "සුරකිමු ලංකා" හී සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන් තෙත් කලාපීය පරිසර පද්ධතියක සිටින අවසන් අලි දෙදෙනා සිංහරාජ වනයේ සිටින අලි දෙදෙනා බවත් එම අලි දෙදෙනා බලහත්කාරයෙන් එම පරිසර පද්ධතියෙන් ඉවත් කිරීම ජාත්‍යන්තර පරිසර නීතිය උල්ලංඝනය කිරීමක් වන බවය.ඒ හේතුවෙන් සිංහරාජ වනයට ඇති වටිනාකම ඉවත්ව යන බවත්   එම වනය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවධානම ඒ හමුවේ දැඩිව ඇති බවද උන්වහන්සේ සඳහන් කරන ලදී.


තවද සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනාගෙන් ප්‍රදේශවාසීන්ට සිදුවන බාධා වළක්වා ගැනීම වෙනුවෙන් ඒ ආශ්‍රිතව අලි වැට ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසට ද ජනධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වෙයි






Share on Google Plus