දුම්රිය වර්ජණය ගැන අගමැතිගෙන් හෙළිදරව්වක් (Video)




පිටතින් අති සාර්ථක ලෙස ගලා ගිය පසුගියදා පැවති දුම්රිය වැඩ වර්ජණය හදිසියේම නතර කල කොහොමද කවුද කියන එක පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පැහැදිලි කරන ලදී. ඒ පසුගිය 13 වනදා කුරුණෑගල පැවති උත්සවයක් අතරතුරයි. 

වැඩ වර්ජණය මෙහෙය වූ වෘත්තීය සමිති තමන් පොලොන්නරුවටම ගොස් ජනපති හමු වී එකගතාවයකට පැමිණ ඉන් ඉවත් වූ බව පැවසුවද අග්‍රාමාත්‍යවරයා පවසන්නේ අමාත්‍ය මංගල සමරවීර හා අශෝක් අබේසිංහගේ සුවිශේෂී මැදිහත්වීම මත වැඩවර්ජනය අවසන් කිරීමට පිබුරුපත් සැදුනු බවකි. එමෙන්ම රාජ්‍ය සේවයට අදාල සුවිශේෂී තීරණයක්ද ඊයේ කැබිනට් මණ්ඩලය තුල සම්මතව තිබේ.


නව වැටුප් කොමිෂන් සභාවක්

සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට මෙන්ම දුම්රිය සේවාව ඇතුලු වැටුප් විෂමතා පවත්නා ඇතැම් සේවාවන්හි එම විෂමතාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැටුප් කොමිසමක් පත් කිරීමට තමන් විසින් ඉදිරිපත් කල යෝජනාව ඊයේ(15) කැබිනට් මණ්ඩලය අනුමත කරන ලද බවත් ඉදිරි මාස 2කක් කාල සිමාව තුල ඊට අදාල නිර්දේශයන් ඉදිරිපත් කරනා බවත් මුදල් අමාත්‍යවරයා මාධ්‍යට ඉදිරිපත් කරනා ලද සටහනේ සදහන් විය.

අගමැති හෙළිදරව්ව පහතින් 





Share on Google Plus