යාපනයේ කල්ලිවලට නිදහස වැඩියි - උතුරේ නීතිඥයින්


2018.08.13 දින උදයන් පුවත් සිරස්තල

01. වෙස්මුහණු පැළදගත් සිව්දෙනෙකෙුගෙන් යුත් කණ්ඩායමක් යාපනය උඩුපිඩ්ඩි මන්සංදිය අසල ඇති නිවසකට ඇතලු වී එම නිවසේ සිටි මහලු පුද්ගලයෙකු හට කඩු ප‍්‍රහාරයක් එල්ල කර ඇති අතර, එයින් තුවාල ලැබු පුද්ගලයා යාපනය රෝහල වෙත ඇතුලත් කර ඇති බව සදහන්.

02. ඊයේ දින යාපනයේ ඉරුබාලෙයි පිල්ලෙයාර් කෝවිල ඉදිරිපිට සිදුවු රිය අනතුරකින් කෝපායි ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක තරුණයෙකු මියගොස් ඇතිබව යාපනය පොලිසිය විසින් සදහන් කරයි.

03. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යාපනයට පැමිණිමට ප‍්‍රථම මයිලඩි ප‍්‍රදේශයේ ජනතාවගේ ඉඩම් නිදහස්කර දීමට කටයුතු කල යුතු බව දමිල ජාතික සංධාන පාර්ලිමෙ‘න්තු මන්ත‍්‍රි මාවේ සේනාධිරාජා විසින් පවසා ඇති බව සදහන්.

04. මයිලඩි ධිවර වරාය සංවර්ධන කටයුතු ආරම්භ කිරිම සදහා මෙම මස 22 වන දින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යාපනයට පැමිණිමට නියමිත අතර, එම උත්සවය සදහා 5000 ක පමණ පිරිසක් සහභාගි විය යුතු බව ධිවර අමාත්‍යවාරයා විසින් ඊයේ දින සවස යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි පවසා ඇති බව සදහන්.

05. දිවයින පුරා පැවති දුම්රිය සේවක වැඩවර්ජනය ඊයේ දින එම සේවකයින් විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හමුවීමෙන් පසු වැඩවර්ජනය නවතා දමා ඇති බව සදහන්.

06. එල්ටිටිඊ සංවිධානය විසින් වසර 30 ක් මුළුල්ලේ කරනු ලැබු යුද්ධය පිළිබදව රහස් සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ විශ‍්‍රාමික ති‍්‍රවිධ හමුදාපතිවරුන් අතර පසුගිය දිනක පවත්වා ඇති බවත්, මෙම අවස්ථාවට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ ආමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහාභාගි නොවු බවත්, කොළඹ මාධ්‍යක පුවතක් පල වි ඇති බවත්, මේ පිළිබදව යුධ හමුදාව කිසිත් නොදන්නා බවත්, යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් පවසා ඇති බව සදහන්. (මුල් පිටුව -  මෙම පුවත වාලම්පුරි,තිනකුරල් සහ කාලෙ‍ෙකදිර් පුවත්පත්ල පලවි ඇත)

07. යුද්ධය එපා සාමයෙන් ප‍්‍රශ්ණ විසදමු යැයි එල්ටිටිඊ නායක ප‍්‍රභකරන් හට පවසා සිටියේද ඔහු එය ප‍්‍රතික්‍ෂේප කල බවත්, යුද්ධ අවසන් කිරිමට සටන් කිරිම හැර වෙනත් මගක් නොතිබුනු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් පවසා ඇති බව සදහන්.

08. ශ‍්‍රි ලංකාව වැනි රටවල් වල ආරක්‍ෂාව සදහා ඇමරිකාව විසින් රුපියල් බිලියන 700 ක මුදලක් 2019 වසරේදි වෙන් කිරිමට තීරණය කර ඇති බව සදහන්.

09. යුධ හමුදා සෙබළුන් 50 දෙනෙකු හට ඉන්දියාවේ දී දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට නියමිත බව සදහන්.

2018.08.13 දින වාලම්පුරි පුවත් සිරස්තල

10. ජාත්‍යන්තර ප‍්‍රශ්ණ වලදි ශ‍්‍රි ලංකාව ආරක්‍ෂා කර ගැනීම සදහා රජයට තමන්ගේ උදව් ද අවශ්‍ය වන බව උතුරු පළාත් මහ ඇමති සි.වි විග්නේෂවරන් විසින් පවසා ඇති බව සදහන්.

11. මෙම මස 22 වන දින මයිලඩි වරාය සංවර්ධන වැඩකටයුතු ආරම්භ කිරිම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  යාපනයට පැමිණිමට නියමිත බව සදහන්.

12. ශ‍්‍රි ලංකා නවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබු ඉන්දිය ධිවරයින් 27 දෙනෙකු නිදහස් කර ගැනීම සදහා ඉන්දිය රජය පියවර ගත යුතු බවට ඉන්දිය දමිළ නායකයන් විසින් පවසා ඇති බව සදහන්.

2018.08.13 දින තිනකුරල් පුවත් සිරස්තල

13. ආවා කල්ලියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගනු ලැබුව ද ඔවුන් නැවතත් නිදහස් වී එම ක‍්‍රියාවන්වලම නියැලෙන බව යාපනය දිස්ත‍්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ විජිත ගුණරත්න විසින් පවසා ඇති බව සදහන්.

2018.08.13 දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

14. මුලතිව් ප‍්‍රදේශයේ නිතිවිරෝධි ධිවර රැකියා කිරිම සබැදිව වහා පරික්‍ෂණ පවත්වන බවට ධිවර අමාත්‍යවරයා විසින් ඊයේ දින පැවසිමෙන් පසු එම ප‍්‍රදේශයේ ජනතාව විසින් කරනු ලැබු උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා ඇති බව සදහන්.

15. පාකිස්තානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන කාශ්මිර් නෞකාව අද දින කොළඹ වරාය වෙත පැමිණිමට නියමිතව ඇති අතර, එය මෙම මස 16 වන දින දක්වා කොළඹ වරායේ රැදි සිටිමට නියමිත බව සදහන්.
Share on Google Plus