සීමානීර්ණ වාර්තාව කොටඋඩ : පළාත් සභා මැතිවරණය 2019 ට.


පළාත් සභා  සීමා නිර්ණය වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 139කින් පරාජයට පත්ව ඇති අතර වාර්තාවට  පක්ෂව එකදු ඡන්දයක්වත් නොලැබීම විශේෂත්වයක් විය. මෙම වාර්තාවට පක්ෂව අදහස් දැක්වූයේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් වූ නමුත් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ද  ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිට නැත.

වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ද ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කර තිබේ. 

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කතානායකගෙන් කමිටුවක් !

මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්විමට අදාළ නිර්දේශ ලබාදීම සඳහා කථානායකවරයා විසින් කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

කථානායක කාර්යාලය සඳහන් කරන ආකාරයට  අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් මේ සඳහා පත් කෙරුණු ඇති අතර ඉදිරි දින කිහිපය තුළදී මෙම කමිටුව පත් කෙරෙනු ඇත.

අග්‍රාමාත්‍යවරයාට අමතරව පත් කෙරෙන සෙසු සාමාජිකයින් දේශපාලකයින් නොවන අදාළ ක්ෂේත්‍රය පිළීබඳ දැනුමක් ඇති බුද්ධිමතුන් වන බවද  කථානායක කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

එම කමිටුව විසින් අදාළ නිර්දේශ ඔක්තෝබර් මාසය මැද බාගය වන විට ලබා දෙන්නේ නම් ලබන වසරේ ජනවාරි මස පළාත් සභා මැතිවරණය පැවැත්විම සදහා පූර්ණ සහයෝගය ලබාදිය හැකි බවට විශ්වාස කෙරෙන බවද  කථානායක කාර්යාලය නිවේදනය කර තිබේ.

පළාත් සභා මැතිවරණය ගැන අගමැතිගෙන් සහතිකයක් !

තවද   පළාත් සභා ඡන්දය ලබන වසර තුළදී පැවැත්වීමට අනිවාර්යයයෙන්ම කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (24) අවධාරණය කර ඇත.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කර ඇති අතර සියලුම පළාත් සභා ඡන්දය නිසි කලට පැවැත්විමට ආණ්ඩුව  කටයුතු කරන බවත්  දේශපාලන පක්ෂ සියල්ල එක්ව ලබන වසර තුළදී මැතිවරණය පැවැත්විම සදහා ක්‍රමවේදයක් සොයාබැලිය යුතු බවද පවසා ඇත

නව ක්‍රමවේදය ඉදිරියට පවත්වාගෙන යනවාද නැතිනම් පරණ ක්‍රමවේදයට තාවකාලිකව පවත්වා ප්‍රශ්න නිරාකරණය කරගැනිමට සාකච්ඡා කළ යුතුව තිබෙන බවත්  සියලු මැතිවරණයන් නියමිත දිනට පැවැත්විය යුතු බවට   ස්ථිරව ප්‍රකාශ කරන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන්කර ඇත.

Share on Google Plus