ඇමරිකානු යුධ නෞකාවක් හවායි දුපතේදී මෙරටට භාර දෙයි


2018.08.30 දින උදයන් පුවත් සිරස්තල

01, කිලිනොච්චි පනංකණ්ඩි ප‍්‍රදේශයේ තිබි කාන්තාවකගේ මල සිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇති බවත් එය මිනී මැරුමක් බවට පොලිසිය සැක කරන බව සදහන්.

02, කොළඹ දී පාසල් සිසුන් 05 දෙනෙකු ඇතුලු 11 දෙනෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඊයේ පැවති නඩුවේදී ත‍්‍රිවිධ හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති බව සදහන්.

03, ජාත්‍යන්තර අතුරුදහන් වුවන්ගේ දිනය වන අද දින උතුරු සහ නැගෙනහිර පළාත්වල අතුරුදහන් වුවන්ගේ ඥාතින් විසින් උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර ඇති බව සදහන්.

04, ඇමරිකානු නාවික හමුදාව විසින් යුධ නෞකාවක් ඊයේ දින හවායි දුපතේදී මෙරට නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ වෙත ලබාදි ඇති බව සදහන්.

2018.08.30 දින වාලම්පුරි පුවත් සිරස්තල

01, ජපාන විදේශ කටයුතු අමාත්‍ය කසුකි නාකානි ඊයේ දින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හමුවී ඇති බව සදහන්.

02, මුලතිව් දිස්ති‍්‍රක්කය තුල සිංහල ජනතාව පදිංචි කිරිමට යහපාලන රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ දින මාධ්‍යට පවසා ඇති බව සදහන්.

03, යාපනය පලාලි ගුවන් තොටුපොල සංවර්ධන කිරිම සදහා රුපියල් කොටි 125 ක් වියදම් වන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා විසින් ඊයේ දින කොළඹ දී මාධ්‍යට පවසා ඇති බව සදහන්.

2018.08.30 දින තිනකුරල් පුවත් සිරස්තල

01, හිටපු එල්ටිටිඊ සාමාජිකයින් හට රැකියා ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිණි විජයකලා මහේෂ්වරන් විසින් ජනාධිපතිවරයා වෙත පවසා ඇති බව සදහන්.

2018.08.30 දින කාෙලෙ‍ෙකදිර් පුවත් සිරස්තල

01, රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයිස් කොටර්ප් පෙරේදා දින ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් ජනාධිපති නිතිඥ කපිල වෛද්‍යරත්න හමුවි ඇති බව සදහන්.

02 ජනාධිපතිවරයා විසින් ශ‍්‍රි ලංකා යුධ හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකු මෙිජර් ජෙනරාල් නිළයට උසස් කර ඇති බව සදහන්.
Share on Google Plus