DEVIL'S STAIRCASE JOURNEY | යකාගේ පඩිපෙළ දිගේ ජිප් චාරිකාවක්

යකාගේ පඩිපෙළ යනු ඔහිය සිට උඩවේරිය තේ වත්ත හරහා කළුපහන නගරය වෙත ගමන් කළ හැකි කිලෝ මීටර් 23ක පමණ දුරක් විහිදෙන මාර්ගයකි. මාර්ගය වැටී ඇත්තේ තේ වතු මැදින් ය.
සුදු පාලන සමයේ තේ වතුවල නිෂ්පාදන නගරයට ගෙන එන්නට මේ මාර්ගය නිර්මාණය කොට තිබේ. මහා දුර්ගයක් හරහා සර්පයෙකු ඇදෙන ආකාරයෙන් මේ මාර්ගය නිර්මාණය කොට ඇත. 
මෙහි ඇති විශේෂත්වය නම් ලංකාවේ සුන්දරත්වය මැනවින් පෙනෙන දර්ශන ගණනාවක් දැකගන්නට හැකී වීමයි. මහා දුර්ගය කපමින් දැවැන්ත ප්‍රපාත හා ගිරි නිම්න හරහා වැටී ඇති මේ මාර්ගයේ පා ගමන මෙන්ම ජිප් රියක ගමනද  අපූරු ම අත්දැකීමකි. කලින් වතාවක් පා ගමන ඔස්සේ ගොස් ඇති අප මෙවර ජිප් රියකින් ඔහිය සිට කළුපහනට එන්නට ගමන සැලසුම් කෙරුවෙමු.
මේ වන විට යකාගේ පඩිපෙළ මාර්ගයේ ෆෝ වීලර් ජිප් රියකට හෝ මෝටර් සයිකලයකට හෝ අසීරුවෙන් ගමන් කළ හැකිය. අනෙකුත් වාහන සඳහා නම් කිසිසේත්ම යෝග්‍ය නොවේ. ඔහියේ සිට කිලෝමීටර් 23ක දුරක් අපි දුර්ග මාර්ගයේ සීරුවෙන් ජිප් රිය පදවමින්  චාරිකා කෙරුවෙමු. මෙසිරිලක සැබෑ සුන්දරත්වය දැකගතිමු. ඈත ක්ෂිතිජය දක්වා පෙනෙන අයස්කාන්ත දසුනින් අපි වශීකෘත වූයෙමු.  අපේ ගමනේ සම්පූර්ණ වීඩියෝව විනාඩි දහයකින් යක්තව පහත දැක්වේ. සංචාරයට කැමැති ඔබට එය අත්වැලක් වනු ඇත.  වීඩියෝව පහතින් බලන්න.



Powered by Blogger.