2020 ජනාධිපති අපේක්ෂකයා ගැන මහින්ද ඉන්දියාවේ දී කියයි

2020 ජනාධිපතිවරණයට තරඟවදින අපේක්ෂකයා හිටපු ජනපති මහින්ද මුල්වරට ඉන්දියාවේදී හෙළිකර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයට තම සහෝදරයෙකු තරඟකරන බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ සංචාරය අතරතුර "ද හින්දු" පුවත්පතට අදහස් දක්වමින්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ ඉන්දියාව බලා පිටත්ව ගියේ තුන්දින සංචාරයක් සඳහායි.

මෙම සංචාරයේදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මෙන්ම එරට එක්සත් ප්‍රගතිශීලී සන්ධානයේ සභාපතිනිය වන සෝනියා ගාන්ධිද හමුවනු ඇති බව ඉන්දීය වාර්තාවල දැක්විණ.




Share on Google Plus