පොලිස් ස්නයිපර් අවිය සොයා අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ


පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ස්නයිපර් ගිනිඅවියක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ අංශ කිහිපයක් යටතේ මෙම විමර්ශනය සිදු කෙරෙන බවයි.
මෙම ස්නයිපර් ගිනිඅවිය අතුරුදන්වීම සඳහා ඉහළ නිලධාරීන්ගේද සම්බන්ධයක් පවතීදැයි සැක මතුව ඇත.
ඒ සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ. 
පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ස්නයිපර් ගිනිඅවියක් මෙලෙස අතුරුදන්වීම ගැටළු සහගත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද ඊයේ ප‍්‍රකාශ කලේය.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් අනාවරණ වී ඇති අවස්ථාවක මෙම ගිනි අවිය අතුරුදන්වීම වඩාත් සැක සහිත බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
Powered by Blogger.