මුදල් ඇමතිට නොතේරෙන මිල සූත්‍රය

මිල සූත්‍රය පිළිබඳ තමාටවත් නොතේරෙන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ සිරිකොත දී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මිල සූත්‍රය පිළිබඳ එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍ය මංගල සමරවීර, 
"ඒකෙ මූලික පදනම තමයි සිංගප්පූරු ෆ්ලාට්ස්ට් ප්‍රයිස් එකයි ඩොලරයේ අගයයි. ඒ දෙක ගොනු කරගෙන තමයි ඒක හැදෙන්නේ. ජනතාව අවුල් වියවුල් වෙන්න විදියක් නෑ.
කරන දේවල් හැමදේම අපි තේරුම් ගන්න ඕනේ නැහැනේ. අපි දොස්තර මහත්මයෙක් නොවුණත් සමහර වෙලාවට අපි දන්නවා ලෙඩේට අදාළ විශේෂඥයා සූත්‍රයක් දුන්නොත් ඒක ඇත්තක් කියලා. 
ලෝක තෙල් මිල වැඩි වෙනකොට මෙය වැඩි වෙනවා. රුපියල ශක්තිමත් වෙනකොට ආයෙමත් මිල පහළ යනවා" යැයි පැවසීය.  
Powered by Blogger.