හිරුණිකා කෑම එපා කියයි - ගේට්ටුවක් ඉල්ලයි.


මේ දිනවල කොළඹ අරලියගහ මන්දිරය එක්සත් ජාතික පක්ෂ  මන්ත්‍රීවරුන්ගෙන් පිරී ඉතිරි තිබේ. පවතින දේශපාලන අර්බුදය හමුවේ ඔවුනට වෙනදා විවෘත නොවූ දොරවල් පවා අද විවෘතව තිබේ.

අරලියගහ මන්දිරයේ  රැදී සිටින එක්සත් ජාතික පාක්ෂිකයින්ට අවශ්‍ය සේවා සැපයීම සහ එහි ආරක්ෂාව පිළිබඳව සෙනසුරාදා රාත්‍රියේ ජ්‍යෙෂ්ඨ එජාප මැති - ඇමතිවරු අතර සාකච්ජාවක් පැවති අතර එහිදී පැමිණ සිටින පිරිසගේ ආහාර සහ  සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම කමිටුවේ ප්‍රධානීත්වයට පත් කිරීමටත් එහිදී යෝජනා වී ඇත. 

එම අවස්ථාවේදී නැගී සිටි මන්ත්‍රීවරිය උස් හඩින් "මට බෑ කෑම ඇද ඇද ඉන්න.  මට දෙන්න  එක ගේට්ටුවක්. ගෑනු ටිකත් එක්ක මම ඒ ගේට්ටුව බලාගන්නම්" යනුවෙන් පවසා තිබේ.

ඇයගේ එම ප්‍රකාශයත් සමඟ එම ස්ථානයේ රැදී සිටි තරමක් වයෝවෘද ක්‍රියාකාරීන් පිරිසක් ප්‍රකාශ කලේ  හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පිරිමියෙකුටත් වඩා ශක්තිමත් බවත් එජාප පිරිමින් ඇගෙන් පාඩම් ඉගෙන ගත යුතු බවත්ය.

Powered by Blogger.