උත්සාහය අත නොහැරි දිරිය දියණියෝ

ජීවිතේ අනපේක්ෂිත අවස්තාවලට කවර වෙලාවකදිහරි අපි කාටත් මුහුණ දෙන්න වෙනවා. 

මේ කතාව එවන් ශිෂ්‍යයත්ව හපනුන් දෙදෙනෙක් ගැනයි. 

හිරුන්දි නුලන්ගා රණසිංහ හා කෙවින්දි සෙනන්ගා රණසිංහ කියන්නෙ තප්පර 48ක විතරක් වෙනසකින් උපන්න නිවුන්නු දෙන්නෙක්.

ඔවුන් දෙදෙනාම රූපයෙන් වගේම වැඩ වලිනුත් වෙන් කර හදුනාගන්න බැහැ.

විභාගයට මාස දෙකක කාලයක පටන් හිරුන්දි දියණිය අසනීපයෙන් පසු වුණා. 

පාසල් ගොඩනැගිලි වල කූඩු තනාගත් පරවියන් ආසාත්මිකවීම නිසා ඇයට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුණා. 

අක්කා අනුකරණය කරන නැගණියත් සොයුරිය පාසල් නොයනවිට පාසල් ගියේ නැහැ. 

හෝමාගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මේ නිවුන් දියණියන් දෙදෙනා ඉගෙනුමට උපන් හපනුන්.

සෑම වසරකදීම නොකඩවා පන්තියේ පලවෙනියා හා දෙවැනියා වීම හා සෑම කලාප හා පළාත් ප්‍රශ්නපත්‍ර සදහාම ඉහලම ලකුනු ගැනීම ඔවුන්ගේ දක්ෂතා සදහා උදාහරණ.

සමස්ථ ලන්කා චිත්‍ර තරග වලින් ජයග්‍රහණ ලබා ඇති ඔවුන් පාසලේ සන්නිවේදන ඒකකයේ ක්‍රියාකාරි සාමාජිකයන්.

වයස අවුරුදු 10ක් උවත් පාසලේ බොහෝ උත්සව අවස්තා සදහා නිවේදන කටයුතු මෙහෙයවන ඔවුන් දෙදෙනා පාසලේ ජනප්‍රියම නිවේදිකාවන්.

ඒ සමගම පෝතක බාලදක්ෂ රන් තරුවෙන් පිදුම් ලැබූ බාලදක්ෂිකාවන්. 

මෙවර සමණල සිරස දැනුම මිනුම තරගාවලියේ අවසන් පූර්ව වටයත් ජයග්‍රහණය කර සිටින ඔවුන් දක්ෂ චෙස් ක්‍රීඩිකාවන්. 

එසේම රන්වල බලකාය හා සම්බන්ධව ජන ගී හා ප්‍රාසාංගිකකලාව හදාරමින් රන්වල ලමා බලකාය හා කටයුතු කරයි. 

පොත් කියවීම තම විනෝදාංශය කරගත් මේ අපූරු නිවුන් හපනුන් දෙදෙනා තම නිවසේ පුස්තකාලයක් පවත්වාගෙන යමින් තම යහලු යෙහෙළියන් අතර පොත් කියවීම වැඩි දියුනු කිරීමට අතහිත දෙයි.

හදිසියේ වැලදුනු රෝගී තත්වය නිසා පීඩා වින්දත් අද්‍යාපන කටයුතු අඩාල කර නොගත් මෙම දිරිය දියණියන් දෙදෙනා ශිෂ්‍යයත්ව විභාගයට දින 03ක් තිබියදී වැලදුනු H1N1 ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වය නිසා රෝහල් ගත කරනු ලැබූවා.

මිනුත් කලින් සිටම රෝගීව සිටි වැඩිමහල් දියණියගේ තත්ත්වය බරපතල වූ නිසා ඇය ශිෂ්‍යයත්ව විභාගයට පෙනීසිටින්නට පැමිණියේ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුරය.

සොයුරිය සමගම අසනීපයෙන් පසුවෙමින් වුවත් ලගට වී නිදි නොමැතිව පසුවූ නැගණිය ශිෂ්‍යයත්ව විභාගයට මුහුණ දුන්නේ එක මොහොතකට වත් අක්කාගෙන් ඇස් ඉවතට නොගනිමින්. 

සොයුරු දමේ සොදුරු බැදීම ස්වභාවධර්මයෙන්ම උරුම කොට හදවතට තුරුලු කරගත් මේ අපූරු නිවුන් සොයුරියන් ලකුණු 181ක් හා 176ක් සමගින් අවසානයේ ශිෂ්‍යයත්ව විභාගය සමත්වූයේ ඔවුන් හදුනන සැමගේ නෙතට කදුලක් නන්වමින් හා නොපසුබට උත්සාහයේ ප්‍රතිඵල නෙලාගනිමින්.
(නාදුනන ලිපිකාරිණිය - Kalpani Wasana)






Share on Google Plus