මහින්ද මෛත්‍රීව ප්‍රතික්ෂේප කරයි.


අද දින සිය තනතුරේ වැඩබාර ගැනීම නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ වෙත කරන ලද එකම යෝජනාව අවඥාවෙන් යුතුව බැහැර කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේ දී අනාවරණය වූයේ අද දින හමුදා බලය යොදාගෙන අගමැති නිල නිවසේ රැඳී සිටින අග්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයන් ඉවත් කොට අරලියගහ මන්දිරය මහින්ද රාජපක්ෂට සිය තනතුරේ වැඩබාර ගැනීමට ලබාදිය හැකි බව ජනාධිපතිවරයා යෝජනා කර ඇති බවයි.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ එහිදී පවසා ඇත්තේ ‘‘මේ කෙලවගෙන තියෙන තරම ඇති. අපි තවත් කෙලව ගන්න ඕනි නැත“ කියාය. 

ජනාධිපතිවරයාට මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂය නෙරපා දමා සිය බලය තහවුරු කරගැනීමට වුවත් මහින්ද පාර්ශවයට එසේ අවශ්‍ය නැති බවත්, ඔවුන්ගේ ඉලක්කය ජනාධිපතිවරයා හුදකලා කොට පක්ෂය තුළ සිය බලය තහවුරු කරගැනීමට බව දේශපාලන විචාරකයන් මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් සඳහන් කරයි.

Powered by Blogger.