සුදු අලි බවට පත්ව තිබූ ව්‍යාපෘති අපි සාර්ථක ව්‍යපෘති බවට පත්කළා - අගමැති



හම්බන්තොට වරාය ආශ්‍රිත මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ආරම්භ කෙරෙන අපනයන තෙල් පිරිපහදු කර්මාන්තශාලාවේ සහ සිමෙන්ති කර්මාන්තශාලාවේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද(24) ආරම්භ විය.


මුල්ගල් තැබීමේ අවස්ථාවට ඕමාන ඛනිජ තෙල් සහ ගෑස් පිළිබඳ අමාත්‍ය ආචාර්ය මොහොමඩ් හමාඩ් අල් රම්හි, එක්විය.ඇමරිකානු ඩොලර් බිලියන 3.85 ක මෙම දැවැන්ත ආයෝජනය සිංගප්පුරුව කේන්ද්‍ර කොටගත් සිල්වර් පාක් ඉන්ටර් නැෂනල් පෞද්ගලික සමාගම සහ  ඕමාන තෙල් සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

මෙම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දැක්විය.


අද විශේෂයෙන්ම මට සුභ පැතුව සියලු දෙනාට මම ස්තූතිවන්ත වෙනවා.
මම හිතන්නේ මෙහෙම අවස්ථාවකදී මේ ලැබුණු දායාදය තමයි රටට ලැබුණු හොඳම තෑග්ග.
සජිත් ප්‍රේමදාස ඇමතිතුමට මතක ඇති 2015 මැතිවරණයට ආව වෙලාවෙදි හම්බන්තොට වරාය හිස් මත්තල ගුවන් තොටුපළේ හිටියේ මොණරු විතරයි.මෙතන තිබුණා ක්‍රිකට් ක්‍රීඩා නොකරන ක්‍රිකට් ක්‍රීඩාංගනයක්,සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රණ ශාලාවක් පාරවල් භාගෙට හදලා තිබුනා බිල් ගෙවන්න සල්ලි තිබුණේ නෑ.
හම්බන්තොට වැඩ අපි භාරගත්තේ අපි වැඩ කරන අලි නිසා හම්බන්තොට සුදු අලි ව්‍යපෘතිය අපි කොට අදින අලි බවට පත් කරා. අපි 2017 මේ වැඩ සටහන ආරම්භ කරන්න අපු වෙලාවේ අපිට ගල් ගැහුවා අපිව පන්නන්න අපිව පැන්නුවනම් මොකද්ද වෙන්නේ,අද හම්බන්තොට තියනවා ක්‍රියා කරන වරායක්. 1967 වසරෙදි සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඇති කරාට පස්සේ පළමු වතාවට තෙල් පිරිපහදුවක් ඇති කළේ අපි.

අග්‍රාමාත්‍යවරයා එහිදී කළ සම්පූර්ණ කතාව - VIDEO




No comments:

Powered by Blogger.