ජනපතිගේ තිරුපති සංචාරයෙන් පසු බරපතල දේශපාලන වෙනසක්?


දැනට විදේශ ගතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවට පැමිණි වහාම බරපතල දේශපාලන තීන්දු කීපයක් ගැනීමට ඉඩ ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

 ඒ අනුව ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ චෝදනා මත හෝ මහා බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රබල දේශපාලනඥයින් කීප දෙනකු අත්අඩංගුවට ගැනීම හෝ හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම යන කාරණා වලින් එකක් හෝ ඉහත කාරණා දෙකම සිදු කිරීමට ඉඩ ඇතැයි පැවසේ.

ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය හා ඔහුට එරෙහි නඩු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද නිසා ජනාධිපතිවරණයකට යාමට හොඳම අවස්ථාව මෙය බවට ජනාධිපතිවරයාගේ උපදේශකවරුන් පෙන්වා දී ඇතැයිද පැවසේ.

සිංහල,දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඉන්දියාවේ තිරුපති වෙත පෞද්ගලික සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටින අතර ඉන්දියාවේ සිට ඒ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා සිංගප්පූරුවට යාමටද බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන්.

[LNW]

No comments:

Powered by Blogger.