කල්මුනේ සියාම් ගැන තොරතුරු රැසක් බුද්ධි අංශ විසින් අනාවරණය කරයි



පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ෂැන්ග්‍රිලා හෝටල් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව ඩී.එන්.ඒ පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ වූ සියලු ත්‍රස්තවාදීන්ගේ අනන්‍යතාව ඩී.එන්.ඒ පරීක්ෂණ මඟින් තහවුරු වී ඇති බවයි. 
පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ ප්‍රහාරයෙන් මිය ගිය බව ප්‍රකාශ කෙරුණද ඔහු එහිදී මිය නොගිය බවටද අදහස් පළ විය.
එවන් පසුබිමක සහරාන්ගේ ඩී.එන්.ඒ සාම්පල සහ ඔහුගේ දියණියගේ ඩී.එන්.ඒ සාම්පල සැසඳීමට අධිකරණ නියෝග ප්‍රකාරව පියවර ගැණුනි.
ඒ අනුව සිදු කළ පරීක්ෂාවේදී සහරාන් හෂීම් ෂැංග්‍රිලා ප්‍රහාරයේදී මිය ගිය බවට තහවුරු වී ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අද සඳහන් කළේය.
මේවන විට ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ සියලුම බෝම්බකරුවන්ගේ ඩී.එන්.ඒ පරීක්ෂණ මඟින් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
මෙවන් පසුබිමක ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයින් තිදෙනෙකු අම්පාර පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ කල්මුණේ ප්‍රදේශයේදීයි.
කල්මුණේ සහරාන් හෂීම්ගේ ප්‍රධාන සංවිධායකවරයා වන සාවුල් හමීඩ් හමීස් මොහොමඩ් නොහොත් කල්මුණේ සියාම් නැමැත්තා ද ඒ අතර වන බව වාර්තා වෙයි.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ  අනෙක් දෙදෙනා සයින්දමරුදුහී පදිංචි මොහොමඩ් ස්මයිල් මොහොමඩ් කාලිත්  හා අබුබකර් මුජාහිත් අමිත් යන අය බවයි.
සහාරන්ගේ ප්‍රධාන අනුගාමියෙක් වන කල්මුනේ සියාම්, සහාරන්ගේ ආධාරකරුවන්ට නවාතැන් ගැනීමටත් සමන්තුරේ, නින්දවුර් සහ සයින්දමර්දු යන ප්‍රදේශවල නිවාස ලබා ගැනීමටත් සහාරන්ගේ ප්‍රධාන අධාරකරුවෙකු වන නියාස්ට සහය දී ඇති බව අනාවරණය වී තිබේ.
පසුගිය 26 වැනිදා සයින්දමර්දු බොලිවියානු සුනාමි ගම්මානයේ බෝම්බ පිපිරීමට පෙර බෝම්බ පුපුරුවා ගත් නියාස්, රිල්වාන් ඇතුලු කණ්ඩායම නින්දවුර් නිවසේ සිට මුහුදු බඩ මාර්ගයක් ඔස්සේ සයින්දමර්දු නිවාසයට ගෙන ඒමට සහය දී ඇත්තේද කල්මුනේ සියාම් බවට බුද්ධි අංශ නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ.
 
ඒ අතර මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු පුද්ගලයින් 13 දෙනා ලබන ජූනි මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.
එසේම අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ පණස් දහසක  අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා යලි ජූනි 04 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.
මෙම සැකකරු ත්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්ධකම් පවත්වන්නේ ද යන්න පිළිබඳව හොරොව්පතාන පොලිසිය මගින් රහස් පොලිසිය වෙත කරුණු වාර්තා කර ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බව එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
මේ අතර බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කොළඹ හා මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා තරු පන්තියේ හෝටල් වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වාලීමට අපොහොසත්වීම තුළින් හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්  මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇතැයි චෝදනා කරමින්  ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මැයි 31 වන දා  සිදූකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
මේ අතර ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සුචිගත කිරීමේ නිලධාරියෙකු වන ජමාල්ඩීන් නව්ෂාඩ් නමැති පුද්ගලයාව අද පාර්ලිමේන්තුව වෙත පොලිසිය විසින් රැගෙන එනු ලැබීය.
එහිදී අදාල පුද්ගලයා පාර්ලිමේන්තුවේ භාවිත කළ පරිඝණක යන්ත්‍රය හා ඔහු භාවිත කළ උපකරණ සෝදිසි කර ඇති බවයි වාර්තා වෙයි.
මේ අතර ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සබඳතා ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ විද්‍යුත් ඛන්තු රේඛන හෙවත් ඊ.සී.ජී. අංශයේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා මෙලෙස අදහස් පල කළේය.

No comments:

Powered by Blogger.