පාස්කු බෝම්බයට වග කිවයුත්තේ ගෝටාභයයි


පසුගිය අප්‍රේල් 21 වන දා පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ  බව ඇමැති රාජිත සේනාරත්නෙ සඳහන් කර තිබේ.
මේ බව සඳහන් කළේ පෞද්ගලික රූපවාහිනී වැඩසටහනක් සමඟ අදහස් දක්වමිනි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන තේරීම් කාරක සභාවේ සාමාජිකයකු ලෙස මේ වනවිට කර ඇති පරීක්ෂණ අනුව ප‍්‍රහාරයේ වගකීම පැවරෙන්නේ කාටද නිවේදකයා විසින් කරන ලද ප්‍රශ්නය ප්‍රශ්න කිරීම් හමුවේ ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ගෝටාභය රාජපක්ෂ විසින් චූදිත ත්‍රස්තවාදී සංවිධානයේ 26 දෙනෙකුට පඩි ගෙවා ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මෙම එල්ලකරන චෝදනාවන් නීතිය හමුවට ගෙන එන්නට ගියහොත් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වන බවද කී ඇමතිවරයා මෙවන් කාරණා රටට හෙළි කිරීමට සිදුවූයේ ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කළ නිසා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ප‍්‍රහාරය සම්බන්දවෙයන් වත්මන් ආණ්ඩුවේ නිලදාරීන් පිරිසක්ද වගකිව යුතු බවත් ඔහු එහිදී පවසා තිබේ.

No comments:

Powered by Blogger.