අගමැති යළි දිවයිනට පැමිණෙයි


සිංගප්පූරුවේ සංචාරයක නියැලී සිටි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංචාරය නිමාවට පත් කර දිවයිනට පැමිණ ඇත. 
අද (14) සවස 4.10 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.303 දරන ගුවන් යානයෙන් අගමැතිවරයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තා වෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස, තෙදින නිල සංචාරයක් සඳහා පසුගිය 12 දින සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

No comments:

Powered by Blogger.