ඉරාජ් කියන මේ සජිත්ගේ කුක්කන් කව්ද? - ඉරජ්ගේ ඉරාගැනීම ! (VIDEO)


ඉරාජ් වීරරත්න අද (04) උදෑසන ඔහුගේ ෆේස්බුක් පිටුවේ පොස්ටුවක් පළකරමින් කියා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවල සිටින අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ බලු කුක්කන් තමන්ගෙන් පලිගන්නා බවකි. 



ඇත්තටම ඔහු මේ කියන්නේ කා ගැනද, කව්ද මේ පිරිස?

සැබවින්ම ඉරාජ් මේ කතාකරනුයේ ස්වාධීන රූපවාහිනී සේවයේ දිනපතා උදෑසන 06 සිට 07 දක්වා සජීවීව විකාශය වන ITN News Morning වැඩසහන පිලිබඳවය. නවමු ආරයකට සිදුකෙරෙන සජීවී පුවත්පත් කියවීමේ වැඩසහනක් වන එම වැඩසහන ITN  නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ශානුක කරුණාරත්න සහ දුමිඳු බණ්ඩාර යන මහත්වරුන් විසින් ඉපත් කරනු ලබයි.

ඉරාජ් විසින් කූරගලට විදුලිය දෙන්න කියා ඉල්ලු විට එය මුලින් නවතා දමා පසුව ආණ්ඩුව ජන්ද නොලැබෙයි කියා බයට කෝටි පහක් (05) වෙන්කළ බවත් එයින් තමන්ට පහර දෙන්නට පටන්ගෙන ඇති බවත් ඔහු පවසයි.

ඉරාජ් එසේ පැවසුවද එම සටහන සමඟ එක්කර ඇති වීඩියෝව තුල ඔහුට අපහාස කරන අයුරක් දැකිය නොහැකිය. එහිදී රජය වෙනුවෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙන්කළ මුදල් පිලිබඳ කූරගල විහාරාධිපති හිමියන් ප්‍රශංසා කරන ලිපියක් උපුටා දක්වන මාධ්‍යවේදී දුමිඳු බණ්ඩාර ඒ පිළිබඳව ශානුක කරුණාරත්න සමඟ සංවාදයක් කරනු ලබයි. එහිදී ඉරාජ් වීරරත්න මිට පෙර මේ සම්බන්ධව හැසිරුණු ආකාරය සඳහන් කරන ඔවුහු ඉරාජ් වීරරත්න මහතා දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත උවද දේශපාලනය තේරුම් නොගත් අවුරුදු 20 ක පමණ අයෙකු සේ හැසිරෙන බව සඳහන් කරති. එසේම දේශපාලන පුතුන් සමඟ පාටි දැමූ පමණින් දේශපාලනය ඉගෙනගත නොහැකි බව පවසන ඔවුන් කියා සිටිනුයේ රටේ ඇත්තේ එක් බුද්ධ ශාසනයක් පමණක් බවත් එබැවින් සංඝ බේදය සිදුනොවන අයුරින් කටයුතු කලයුතු බවද වීරරත්න මහතා වෙත මතක්කර සිටියි.

කුමන හෝ දෙයකින් ප්‍රසිද්ධවීම නොව යමක් පිලිබඳ කතාක්කරන්නේ නම් ඒ පිලිබඳ  සිය දැනුම වැඩිකරගෙන ගීත නිර්මාණ සහ දේශපාලනය කිරීමට කටයුතු කරන ලෙසත් එවිට ඉරාජ්ව ඇගයීමට තමන් පවා එක්වන බවද ශානුක සහ දුමිඳු එම සජීවී වැඩසහනේදී වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ පොස්ටුව සහ වීඩියෝව මෙතැනින්,


No comments:

Powered by Blogger.