අහෝ දප්පුල: අපි අධිකරණයේදී හමුවෙමු, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දන්වයි!


නීතිපති දප්පුල ලිවේරා ජනාධිපති සිරිසේනගේ දේශපාලන අවශ්‍යතාව මත තීන්දු තීරණ ගෙන කටයුතු කරන බවත් ඒ සම්බන්ධව දැඩි අවධානයක් සහිතව සිටිය යුතු බවටත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් චෝදනා කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වීම පදනම් කරගෙන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ මේ වන විට වැඩ තහනමකට ලක්කර ඇති පොලිස්පති පූජිත ජයසුන්දර සම්බන්ධව කටයුතු කරන ආකාරය ඊට සාක්ෂි දරන බවත් ඔවුන් පෙන්වා දෙයි.

හේමසිරි සහ පූජිත් අත්අඩංගුවට ?

මේ වන විට මාධ්‍ය වාර්තා පළවෙමින් ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ මේ වන විට මේ වන විට වැඩ තහනමකට ලක්කර ඇති පොලිස්පති පූජිත ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (02) දින කැඳවා අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවය.

හේමසිරි රෝහලේ !

එසේම මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු රෝගාතුරවී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවටද මාධ්‍ය වාර්තා සදහන් කරයි.

නීතිපති දප්පුල ලිවේරා ජනාධිපති සිරිසේනගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බවට නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් චෝදනා කරන්නේ මේ පසුබිමේය.

ත්‍රි පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව සැකයි !

ඔවුන් පෙන්වා දෙන ආකාරයට ජනාධිපති සිරිසේන විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කල ත්‍රිපුද්ගල කමිටුව ගැන පැහැදිලි සැකසංකා මතුව තිබේ.

ඒ "පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධව චෝදනාව තමන්ට බාරගත නොහැකි බවත් චෝදනාව බාරනොගතහොත් ඊට අදාල සිදුවන කවර විමර්ශන කමිටුවක් හමුවේ වැරදිකරු කරන්නේ පොලිස්පති පූජිත" බවට ජනාධිපති සිරිසේන තමන්ට පැවසූ බව වැඩ තහනම් කර ඇති පොලිස්පති පූජිත ජයසුන්දර බරපතල සාක්ෂියක් ලබාදී ඇති නිසාය.

පොලිස්පති පූජිත ජයසුන්දර මේ සාක්ෂිය ලබාදී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේය.

මේ සම්බන්ධව නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ජනාධිපති සිරිසේන පත්කල ත්‍රිපුද්ගල කමිටුවට වඩා නෛතික වලංගුභාවයක් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ඇති බවය.

එසේම ජනාධිපති සිරිසේන පත්කල ත්‍රිපුද්ගල කමිටුවේ සාක්ෂි අධිකරණ නඩු විභාගයක සාක්ෂි වශයෙන් යොදාගත නොහැකි බවත් නමුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි අධිකරණය හමුවේ වලංගු බවත් නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන්ගේ තර්කය වී තිබේ.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ පසුබිමේ නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති පත්කල ත්‍රිපුද්ගල කමිටු අතුරු වාර්තාව පදනම් කරගෙන චෝදනා ගොනුකර අත්අඩංගුවට ගැනීමට නියම කිරීම ගැටලු සහගත බවයි.

දේශපාලන ප්‍රතිරූප නැංවීමට හෝ දේශපාලනඥයින් වෙනුවෙන් නිලධාරීන් බිළිදීම ශිෂ්ට සමාජය අනුදත් පිළිවෙත නොවන බවත් ඒ වෙනුවෙන් නීතිය නැවීමට කවර පාර්ශවයක් ඉදිරිපත් වූවත් ඊට එරෙහිව තමන් පෙනීසිටින බවත් නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් අවධාරණය කරයි.

වැඩබලන පොලිස්පතිට ලිපි දෙකක් !

කෙසේ වුවත් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙත නීතිපති දප්පුල ලිවේරා ලිපි දෙකක් යොමුකර දන්වා ඇත.

එයින් පලමු ලිපිය පසුගිය බ්‍රහස්පතින්දා (27) යොමුකර ඇති අතර දෙවැනි ලිපිය ඊයේ (ජූලි 1 ) යොමුකර තිබේ.

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව නීතිපති දප්පුල ලිවේරා වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත පළමු ලිපියේ (26දින යොමුකළ ලිපිය) මෙසේ සදහන් කර ඇත.

දප්පුල යැවූ පළමු ලිපිය !

"2019/04/21 වන පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව අනූව පොලිස්පති පූජිත ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හා තවත් අයවලුන්ගේ නොසැලකිල්ල හෝ නොතකා හැරීම හේතුවෙන් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් කරනු ලබන අපරාධ විමර්ශනය" යනුවෙන් එකී ලිපියේ ශීර්ෂය සදහන් වෙයි.

එසේම "උක්ත කාරණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එවන ලද සමාංක සහ 2019/06/26 දිනැති දාතමින්‍ යොමුකරන ලද ලිපිය සමග එවා ඇති උදෘත සහ ලේඛනමය සාක්ෂි අධ්‍යයනය කරන ලදී.

වර්ෂ 2019ක් වූ අප්‍රේල් මස 21වැනි දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකරන ලද සියදිවි නාශක බෝම්බ ප්‍රහාර මාලාව මගින් සිදුවූ සමූහ මනුෂ්‍ය ඝාතන, බරපතල තුවාල සිදුකිරීම සහ දේපල හානි, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පතිව සිටි පුජිත ජයසුන්දර යන අය සිය රාජකාරිමය යුතුකම් සහ වගකීම් ප්‍රබල ලෙස නීති විරෝධී නොකර හැරීම මත සහ සාපරාධී නොසැළකිල්ල සහ අපරික්ෂාව මත සිදුකර ඇති බවට ප්‍රමාණවත් කරුණු එම විමර්ශන උදෘත ලේඛනමය සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනාවරණය වී ඇති බව දන්වමි." යනුවෙන්ද එකී ලිපියේ සඳහන් බව දැනගන්නට ඇත.

එබැවින් ඒ මත පදනම්ව දණ්ඩ නීති සංග්‍රහයේ 296, 298, 327, 328, සහ 410 යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇති බව අනාවරණය වී ඇති බවද එම ලිපියේ දක්වා ඇතැයිද වාර්තා වෙයි.

දප්පුලගේ දෙවැනි ලිපිය !

නමුත් මේ සම්බන්ධව වැඩබලන පොලිස්පති සී.ඩී . වික්‍රමරත්න කටයුතු නොකිරීම හේතුවෙන් සිහි කැඳවිම් ලිපියක් ලෙස ඊයේ ලිපිය යවා ඇති අතර "පාස්කු ප්‍රහාරය ලංකා ඉතිහාසයේ බරපතලම අපරාධයක් බවට සඳහන් කල යුතු බවත්, සැකකරුවන්ගේ ප්‍රබල නොකර හැරීම හේතුකොටගෙන සිදුවූ එම අපරාධය මනුෂ්‍යත්වයට එරෙහිව (Grave Crimes against humanity ) වූ බරපතල අපරාධ වශයෙන් ජාත්‍යන්තර අපරාධ නීතියට අනුව සැළකෙන බවටද වාර්තා කරන බවත් එහි දක්වා ඇති බව වාර්තා වෙයි.

එසේම මේ ලිපියේ දී හේමසිරි ප්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධව අධික නොසැලකිල්ල, තදබල නොතකා හැරීම ලෙස සඳහන් කර ඒ නිසා සිදුවීම වලක්වා ගැනීමට අපොහොසත්වීම ගැනත් අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

පොලිස්පතිට නිදහසට හේතු දක්වන්න වෙලා !

එපමණක් නොව නීතිපති දප්පුල විසින් පසුගිය බ්‍රහස්පතින්දා (27) දින ලිපියේ උපදෙස් පරිදි ක්‍රියා නොකිරීම බරපතල කරුණක් ලෙස සලකන බවත් ඒ අනුව ඊට අදාළ ලිඛිත හේතු දැක්වීමක් එදින (ජූලි 01) ම දක්වන ලෙසත් එම ලිපියේ සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

නමුත් අප වෙත වාර්තා වන්නේ ඊයේ (01) ඊට අදාළ කිසිඳු ලිඛිත ලියවිල්ලක් වැඩබලන පොලිස්පති සී,ඩී .වික්‍රමරත්න නීතිපති වෙත යොමුකර නොමැති බවය.

සැකකරුවන් නිදහස් වුනොත් අමාරුවේ වැටෙන්නේ කවුද ?

එසේම රාජපක්ෂ රෙජීම පාලනයෙන් පසුව නීතිපතිවරයෙකු මේ ආකාරයෙන් කටයුතු කරනු දකින්න ලැබෙන්නේ මේ මොහොතේ බවත් වත්මන් ආණ්ඩුව යටතේ ඇතිකරගත් ස්වාධීන අධිකරණ පද්ධතියට කිසිඳු ආකාරයක හානියක් සිදුවීමට තමන් ඉඩනොතබන බවත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අවධාරණය කර සිටියි.

තවද ඉදිරියේ සිදුවන අධිකරණ ක්‍රියාදාමය වැදගත් බවත් එහිදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවූ පාර්ශව අනාවරණය වීම මෙන්ම සැකකාර හේමසිරි ප්‍රනාන්දු සහ පුජිත ජයසුන්දර සම්බන්ධව නීතිපති නගන චෝදනා පාරාවළල්ලක් වීමත් වළක්වා ගත නොහැකි වනු ඇති බවත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.

[News Tube]

No comments:

Powered by Blogger.