තාත්තා කෙනෙක්ගේ ආදරයක්!

අපි ජිවීතේ විවිධ අරගල කරනවා. අපිට විවිධ අරගල මුණගැහෙනවා. අපි මේ කතා කරන්න හදන්නේ, අමුතු විදිහේ අරගලයක් ගැන.

මිනිස්සුන්ට විවිධ ප්‍රශ්න එනවා. හැබැයි, මිනිස්සු විසින්ම ඒවට මුහුණ දෙනවා. කරු ජයසූරිය කියන්නේ දේශපාලනඥයකු වුවත්, මේ කතාකරන්නේ ඔහුගේ දේශපාලන කතාවක් ගැන නම් නෙවෙයි.

මේ ඔහුගේ මානුෂීය අරගලයක පටන් ගැන්මක්. අපිට විවිධ අර්ථකථන ඔහු සම්බන්ධව තිබෙන්න පුළුවන්. ඒත්, ඔහු මේ කරන්න හදන දේ ගැන ගොඩක් අය නොදන්නවා වෙන්න පුළුවන්.

ඔහුගේ දියණිය අවුරුදු 40 දී ජීවීත ගමන හමාර කරන්නේ, පිළිකාවක් නිසා. තාත්තා ජීවතුන් අතර ඉන්නකොට, දියණිය ජීවීතය අවසන් කරලා යනවා බලන් ඉන්න කිසිම තාත්තා කෙනෙකුට බෑ.

හැමදේම දෙයක් ගැනම උපේක්ෂා සහගතව බලන කරු ජයසූරියන් ඒ මානුෂීය කාරණාවේදී හැසිරුණු විදිහ අප අගය කල යුතුයි. මිනිස්සු වුනාම ප්‍රශ්න එනවා, ඒ ප්‍රශ්න වලට වැටෙන් නැතුව මුහුණ දෙන්න හැමෝටම බෑ. තමන්ගේ දරුවෙක් නැතිවෙනකොට, ඔහු ඒත් එක්ක හඬා වැලපෙනවා වෙනුවට, එවැනි දියණිවරුන්, පුතණුවරුන් එම රෝගයෙන් අකාලයේ මිය යාම වලකාලීම සඳහා ඔහු මේ වෙනකොටත් වැඩපිලිවෙලක් අරඹලා ඉවරයි. "ඉන්දිරා ජයසූරිය පිලිකා ආරක්ෂිත ඒකකය" ඊට පිලිතුරයි. මේ යටතේ මේ වන විටත්, ජංගම මෙමෝග්‍රැෆි සේවාවක් නොමිලේ ලබාදීමේ වැඩපිලිවෙලක් ආරම්භ කරලා ඉවරයි.

ඔහු කීවේ අප විදි දුක හා මානුෂික වේදනාව, තවත් අම්මා කෙනෙකුට හෝ තාත්තා කෙනෙකුට විදින්න ඉඩ නොතැබීමට අපි වෙර උත්සහ කළයුතු බවයි.

ප්‍රශ්න ආවම පැනලා යන නායකයෝ වෙනුවට, ප්‍රශ්න වලින් පන්නරයක් අරන්, ඒවට එරෙහිව හිත ශක්තිමත් කරගෙන හැමෝගෙම යහපත උදෙසා මෙවැනි දේවල් සිදු කරන නායකයින් ගැන අප කතා කරනවා මදි වගේම, කෙහෙල් ගෙඩියක් දීලත්, ෆොටෝ ගහලා ෆේස් බුක් දමන නායකයෝ ඉන්න රටක, මෙවැනි උතුම් ක්‍රියා සමාජ ගත කිරීම එහි ජීවත් වන පුරවැසියන් ලෙස අපගේ යුතුකමක් ද වන්නේය..

අපි නැවත හිතන්න පටන් ගමු.

No comments:

Powered by Blogger.