කොටුව ඉස්ටේ­සම ළඟ දුටු රණ­විරු තේජාගේ හැඬුම් සහ මාධ්‍ය නැටුම්.


ජාතික රණ­විරු බල­වේ­ගය නියෝ­ජ­නය කළ ආබා­ධිත රණ­වි­රු­වන් කිහි­ප­දෙ­නෙකු ක්‍රියා­න්වි­ත­යේදී ආබා­ධිත තත්ත්ව­යට පත් වූ රණ­වි­රු­වන්ට, දිවි ඇති තෙක් වැටුප් ලබා­දෙන ලෙස ඉල්ල­මින් සත්‍ය­ග්‍ර­හ­යක් ආරම්භ කළේ පසු­ගිය 11 වනදා සිට ය. පසුව ඒ සඳහා සිය ඉල්ලීම් ද යොමු කර­මින් මිය­ගිය රණ­වි­රු­වන්ගේ බිරි­න්දෑ­වරු සහ මවු­පියෝ ද එම සත්‍ය­ග්‍ර­හ­යට එකතු වූහ.

කෙසේ නමුත් එම සත්‍ය­ග්‍ර­හ­යට විටින් විට විවිධ ලෝගු පොර­වා­ගත් චරිත යනු එනු දැකීම සුලභ කාර­ණ­යක් බවට පත් වන්නේ ජන­ධි­ප­ති­ව­රණ වේදි­කාව එක් පසෙ­කින් උණු­සුම් වන විටය. ආබා­ධිත රණ­වි­රු­වන්ගේ ගැට­ලුව මාධ්‍ය මෙන්ම සමා­ජ­ජාලා මාධ්‍ය ඔස්සේ ද ප්‍රචා­රය වන්නේ "රට ආරක්ෂා කළ රණ­වි­රුවා මහා පාරේ ය" යන තේමාවේ මිස මේ ගැට­ලුවේ ඇතු­ළා­න්තයේ සිට නොදැකීම නිසා මේ වන විට මෙරට ජන­තා­වගේ පූර්ව මැති­ව­රණ හැඟීම් උද්වේ­ග­කා­ර­ක­යක් බවට එම සත්‍ය­ග්‍ර­හය පත් වී ඇත.

කුමන තත්ත්ව­යක් යටතේ වුව ද, කුමන දේශ­පා­ල­නික පසු­බි­මක් නිසා වුව ද රට වෙනු­වෙන් කැප කිරී­මක් කරන ලද පුද්ග­ල­යෙකු මහ පාරට වැටීම කිසිදු ශ්‍රී ලාංකි­ක­යෙ­කුට අනු­මත කළ නොහැකි තත්ත්ව­යකි. ඒ නිසාම පව­තින අර්බු­දයේ වර්ත­මාන තත්ත්වය මෙන්ම ඊට බල­පාන ලද හේතූ අප විසින් විමසා බැලිය යුතුය.

ජේ.ආර්. සමයේ රණ­වි­රු­වන් ට ලබා­දී­මට පොරොන්දු වූ වැටුප් වැඩි කිරීම මෙන්ම ආබා­ධිත රණ­වි­රු­වන්ට දිවි ඇති තෙක් වැටුප් ලබා­දීම පාර්ලි­මේ­න්තුව තුළ අනු­මත විය. ඒ කෙසේ වෙතත් 2014 රාජ­පක්ෂ පාලන සමය අව­සන් කාල­යේදී රණ­වි­රු­වන්ට දිවි ඇති තෙක් ගෙවී­මට නිය­මි­තව තිබූ එම වැටුප අහෝසි වී එය විශ්‍රාම වැටු­පට පම­ණක් සීමා විය.

සත්‍ය­ග්‍ර­හයේ නිය­ළෙ­මින් සිටි රණ­වි­රු­වෙ­කුගේ පැහැ­දිලි කිරී­මට අනුව එම වැටුප් සංශෝ­ධ­නය හේතු­වෙන් ආබා­ධිත තත්ත්ව­යට පත් වී සිටි බහු­ත­ර­යක් රණ­වි­රු­වන් ප්‍රබල අප­හ­සුතා රැස­කට මැදි වූහ. සම­හ­රෙක් ශාරී­රි­කව සිටි ආබාධ තත්ත්ව­යන් යටතේ ම මාන­සික ආබා­ධ­යන්ට ද ලක් වී සිටි­යහ. බොහෝ දෙනා ඒ පිළි­බඳ විම­ති­යට පත් වූයේ රට බේරා­ගත් ඔවුන් වසර 5 තුළ අම­තක වීම පිළි­බඳ ය.

කෙසේ වෙතත් 2015දී මෛත්‍රී­පාල සිරි­සේන මහතා තම යහ­පා­ලන ප්‍රති­පත්ති සහ පොරොන්දු රාමු­වට ආබා­ධිත රණ­වි­රු­වන්ට දිවි ඇති තෙක් ගෙවන වැටුප පිළි­බඳ පොරො­න්දු­වක් ද ලබා­දු­න්නේය. කෙසේ හෝ යහ­පා­ලන ආණ්ඩුව පැමි­ණිය ද එම ගැට­ලු­වට සෘජු අව­ධා­න­යක් ලබා­දී­මට උත්සාහ කළේ නැත. තත්ත්වය එසේ තිබි­යදී 2017 වර්ෂයේ දී ද රණ­වි­රු­වන් සිය ඉල්ලීම් වෙනු­වෙන් මහ­ම­ඟට අව­තීර්ණ වූහ. එහිදී ද ඔවු­නට සාපේ­ක්ෂව සාධ­නීය පිළි­තු­රක් ලැබී නොති­බිණි.

තමන්ගේ වැටුප් පිළි­බඳ එකී වූ අමි­හිරි ඉති­හා­ස­යක් සමඟ රණ­වි­රු­වන් කොළඹ කොටුව දුම්රි­ය­පොළ ඉදි­රි­පි­ටට පසු­ගිය 11 වනදා රැස් වන්නේ ජනා­ධි­ප­ති­ව­රණ පීඩ­නය මත තම ඉල්ලීම් දිනා ගැනී­මට ද, නැති නම් කාගේ හෝ අත­කොලු බවට පත් වීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස ද යන ගැට­ලුව ඉතිරි කර­මිනි. 

දිනක්, දෙකක්, සති­යක්, දින දහ­යක් ගෙවී ගියත් පිළි­තුරු නොලැ­බෙන තැන රණ­වි­රුවෝ මාන­සි­කව විවිධ මට්ටම් යටතේ ක්‍රියා­ත්මක වන්නට විය. තිදෙ­නෙක් පෙට්‍රල් ළඟ තබා­ගෙන ලයි­ටර් ක්‍රියා­ත්මක කර­මින් සිටි­යහ. තවත් අයෙක් කොටුව දුම්රි­ය­පොළ ඉදි­රි­පිට ලයිට් කණු­වට බඩ ගෑහ. තම ඉල්ලීම් වෙනු­වෙන් ජීවි­තය වුවත් කැප කිරී­මට ඔවුන් සූදා­නම් බව ඔවුන් ප්‍රකාශ කළේ යුද­මය අත්දැ­කීම් ද උදා­හ­ර­ණ­ව­ලට ගනි­මිනි. ඔවුන්ගේ යුද­මය මාන­සික මට්ටම යටතේ එය අසා­ධා­රණ යැයි පැව­සීමේ හැකි­යා­වක් ද අපට නැත.

නමුත් එම තත්ත්වය අන­වශ්‍ය මට්ට­ම­කට භාවිත කිරී­මට දේශ­පා­ලන අත­කොලු උත්සාහ ගන්නේ උක්ත තත්ත්වයේ වාසිය තමන් වෙත නතු කර­ග­නි­මිනි. එය මවි­සින් සියැ­සින් දැක අත්විඳි සත්‍ය­යකි. පසු­ගිය සැප්තැ­ම්බර් 18 වන දින පෙර­ව­රුවේ ජාතික රණ­විරු බල­වේ­ගය නියෝ­ජ­නය කර­මි­න්අ­ජිත් ප්‍රසන්න, මහී­රාජ ඇතුළු තවත් රණ­වි­රු­වෙක් ද, ඉබ්බා­ග­මුව රණ­විරු ගම්මා­නයේ රණ­විරු බිරි­ඳක් ද, යුද­හ­මු­දාව නියෝ­ජ­නය කර­මින් බ්‍රිගේ­ඩි­යර් කොඩි­තු­වක්කු මහතා යන අය ආර­ක්ෂක අමා­ත්‍යං­ශයේ අති­රේක ලේකම් මුණ­ගැසී එම ඉල්ලීම් පිළි­බඳ පැහැ­දිලි කොට තිබුණි. එම සාක­ච්ඡා­වේදී ආර­ක්ෂක අමා­ත්‍යං­ශයේ ලේක­ම්තු­මන් විසින් කැබි­නට් පත්‍රි­කාව ද පෙන්ව­මින් පැහැ­දිලි කොට තිබුණේ මුදල් අමා­ත්‍යං­ශයේ කට­යුතු ද අව­සන් කොට 24 වැනි අඟ­හ­රු­වාදා කැබි­නට් රැස්වී­මට මෙය යොමු කරන බවයි. එම කැබි­නට් පත්‍රි­කාවේ පහත කරුණු අඩං­ගුව තිබිණි.

01. සටනේ දී දිවි පිදූ රණ­විරු බිරි­යට අවු­රුදු 55 ලැබෙන වැටුප සහ විශ්‍රාම වැටුප බිරිය ජීවත්වී සිටින තාක් ගෙවීම.

02. අවි­වා­හක මිය­ගිය රණ­වි­රු­වන්ට ලැබෙන වැටුප හා විශ්‍රාම වැටුප මවට හෝ පියාට ගෙවීම.

03. ආබා­ධිත රණ­වි­රු­වාට ගෙවන වැටුප හා විශ්‍රාම වැටුප දිවි ඇති තෙක් ගෙවීම.

04. යැපෙ­න්නන් ලෙස මවු­පි­යන් මිය­ගිය වයස 26ට අඩු දරු­වන්ට එම වැටුප හා විශ්‍රාම වැටුප ගෙවීම. 

උදා: ආබා­ධිත තත්ත්ව­යට පත්වූ යුද හමුදා මේජ­ර්ව­ර­යෙ­කුගේ මූලික වැටුප හා දීමනා - රු: 97,205

විශ්‍රාම ගැන්වී­මෙන් පසු එම මුදල - රු: 81,000 වේ. නමුත් නව කැබි­නට් පත්‍රි­කාව අනුව ,

වැටුප 97,205 + සේවා විශ්‍රාම වැටුප 10,000 + දුබ­ලතා විශ්‍රාම වැටුප 4000 = මාසික විශ්‍රාම වැටුප 11,148,311.

ඒ අනුව රණ­වි­රු­වන්ගේ ඊළ ඟ අදි­යර වී තිබුණේ මුළු අමා­ත්‍යං­ශය සමඟ මේ ගනු­දෙ­නුව ඉතා ඉක්ම­නින් අව­සන් කොට කැබි­නට් අනු­මැ­ති­යට මෙය යොමු කර­ගැ­නී­මයි.

කෙසේ නමුත් පසු­ගිය 24 වැනි දින කැබි­නට් අනු­මැ­තිය ලැබී­මෙන් පසු මුදල් අමාත්‍ය මංගල සම­ර­වීර මහ­තාගේ අස්ස­නින් යුක්තව සිය­ලුම ආබා­ධිත රණ­වි­රු­වන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවී­මට කැබි­නට් අනු­මැ­තිය හිමි විය. නමුත් එම කැබි­නට් අනු­මැ­ති­යට ඉහත සඳ­හන් 01, 02, 04 යන භාර්යා­වන්, මවු­පි­යන් යැපෙ­න්නන්ගේ ඉල්ලීම් පිළි­බඳ සට­හ­නක් දක්වා තිබුණේ නැත.

ඒ නිසා තව­දු­ර­ටත් එම සත්‍ය­ග්‍ර­හය මාරා­න්තික උප­වා­ස­යක් මට්ට­මට ගෙන ඒමට ආබා­ධිත රණ­වි­රු­වන් තීර­ණ­යක් ගෙන තිබේ. රණ­වි­රු­වන්ගේ සැබෑ ගැට­ලුව එය වුවත් මෙය වෙනත් පටු අර­මුණු වලට යොදා­ගැ­නී­මට ගත් උත්සා­හ­යක් 18 වැනිදා අපට දක්නට හැකි විය. 2014 රණ­විරු ගැට­ලුව නොදැ­කපු බොහෝ­ම­යක් දෙනා 2019 දී එය නැර­ඹී­මට පැමිණ සිටි­යහ. ගායක ඉරාජ් වීර­රත්න, ඩෑන් ප්‍රිය­සාද්, රතන හිමි, සිංහල රාවය සංවි­ධා­නය, රාවණ බලය සංවි­ධා­නය මෙම ස්ථාන­යට පැමිණ මාධ්‍ය සාකච්ඡා ආරම්භ කොට තිබිණි. එහිදී මෙය "අපේ ක්‍රම­යට විස­ඳමු" යන්න ඔවුන්ගේ හැඟී­ම්කා­රක උදාන පාඨ­යක් විය. මෙම රණ­විරු සත්‍ය­ග්‍ර­හ­යට එරෙ­හිව අධි­ක­රණ නියෝ­ග­යක් පැමිණ තිබි­යදී පවා,18 වන දා දවස පුරා චීව­ර­ධා­රීන් සහ ඉරාජ්, ඩෑන් වැනි දේශ­පා­ලන සමාජ ක්‍රියා­කාරී යැයි පෙන්වන අයගේ ක්‍රියා හේතු­වෙන් මාන­සි­කව ප්‍රචණ්ඩ වූ රණ­වි­රුවෝ 18 වන දා සවස් වරුවේ ජනා­ධි­පති ලේකම් කාරි­යා­ලය ඉදි­රි­පිට මාර්ගයේ යකා නට­න්නට වූහ. ඉරාජ් වීර­රත්න තමන්ගේ යූ ටියුබ් චැන­ල­යට මෙම වීඩියෝ පට එකතු කොට තිබුණේ ද ගැට­ලුව පිළි­බඳ කිසිදු අව­බෝ­ධ­යක් ලබා නොදෙ­මිනි.

රණ­වි­රු­වන් කුමන හෝ සාධ­ක­ය­කින් එසේ පාල­නය කර­මින් ද තිබේ. අව­සා­නයේ අපට ගැටලු කිහි­ප­යක් පවතී. 2014 රණ­වි­රු­වන් නොදැ­කපු පිරිස අද වන විට ඒ සඳහා ඉදි­රි­පත් වන්නේ ඇයි? එම ඉදි­රි­ප­ත්වීම තුළ සැබෑ ගැට­පුව වෙනු­වෙන් ඔවුන් ඉදි­රි­පත් නොවන්නේ ඇයි? මෙය තවත් දේශ­පා­ලන කූට ව්‍යාපා­ර­යක් බවට පත් වී රණ­වි­රුවා අස­රණ කිරීම කෙත­රම් සාධා­රණ ද?

සමා­ජ­ජාලා මාධ්‍යයේ ව්‍යාප්ත වූ ආබා­ධිත රණ­විරු තේජා විසින් හඬ­මින් කළ ප්‍රකා­ශ­ය­කින් මේ ලිපිය අව­සන් කරමි.

"අපට මෙහෙම කරන්න එපා...මාධ්‍ය සංද­ර්ශන එපා...අපි යුද්ධ කරද්දී කවු­රුත් හිටියේ නෑ......මේක ෂූටින් එකක් කර­ගන්න එපා....අපේ ඉල්ලීම් විත­රක් අපිට දෙන්න......."

තේජා ඇතුළු ආබා­ධිත රණ­වි­රු­වන්ට අවශ්‍ය ඔවුන්ගේ ඉල්ලීම් මිස මාධ්‍ය සංද­ර්ශ­න­වත්, කූට දේශ­පා­ලන උප­ක්‍ර­ම­වත් නොවේ.

[ශාෂිංක විදු­සර හපු­ආ­රච්චි | සිළුමිණ]

No comments:

Powered by Blogger.