ගෝඨා හමුදාවේ 12ක් එක පෑන් පාරෙන් ගෙදර යැවූ ලියුම මෙන්න.



පසුගිය 2010 ජනාධිපතිවරණයෙන් පසුව එවකට යුධ හමුදාවේ සක්‍රීය සේවයේ සිටි මේජර් ජෙනරාල් වරුන් 3දෙනෙක්, සහ බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙක්, කර්නල්වරයෙක්, ලුතිනන් කර්නල්වරයෙක්, සහ කපිතාන්වරුන් 2ක් ඇතුළු හමුදා නිලධාරීන් 12 දෙනෙකු අහේතුකව සේවයෙන් නෙරපීම සඳහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විසින් එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත කරන ලද දැනුම්දීමකට අනුව ඔහු විසින් එවක ජනාධිපති සහ සේනාධිනායක ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂගේ නියෝගයක් යැයි දක්වමින් එවකට යුධ හමුදාපති ජගත් ජයසූරිය වෙත ලිපියක් නිකුත් කර ඇත.

එම ලිපියට අනුව එම හමුදා නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම මොහොතේම සේවයෙන් ඉවත් කිරීමටත්, යළිත් කිසිදු හමුදා කඳවුරකට ඇතුළු වීමද තහනම් කරන ලෙස දන්වමින් මෙම ලිපිය නිකුත් කර ඇත.

රණවිරුවන් වෙනුවෙන් අද පෙනී සිටින බව ව්‍යාජ ලෙස දක්වන ගෝඨාභය රාජපක්ෂ සහ එම කල්ලිය එදා කළ කීදෑ මෙලෙසින්ය. අද ඔවුන් ‘රණවිරුවන්’ වෙනුවෙන් පෙනී සිටින බව පැවසීමද හාස්‍යට කරුණකි.

ලලිත් වීරතුංග විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත යැවූ ලිපිය පහත දැක්වේ.


No comments:

Powered by Blogger.